Breaking News

සිරවූ සංචාරකයන් ගෙන්න හිම තට්ටු බිඳගෙන දුම්රියක් යයි

අධික හිමපතනය හේතුවෙන් ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ ස්මාර්ට් හිම ක්‍රීඩා සංචාරක ප්‍රදේශයේ දින දෙකක් තිස්සේ කොටුවී සිටින සංචාරකයින් බේරාගැනීම සඳහා විශේෂ දුම්රියක් පිටත් කර යවා ඇතැයි වාර්තා වේ.

13000කට අධික සංචාරකයින් පිරිසක් මෙලෙස කොටුවී සිටින බවත් අසාමාන්‍ය හිමපතනය හේතුවෙන් මෙම කඳුකර පෙදෙසේ මහත් විනාශයක් සිදුව ඇති අතර සමහර පුද්ගලයින් තුවාල ලබා සිටින බවත් බලධාරීහු පවසති.

දුම්රිය ප්‍රංශයේ ගිණිකොන දිග සිට පැමිණෙන අතර මාර්ගය පිරිසිදු කිරීම සඳහා සමහර ස්ථානවල මීටර් හතක් පමණ උසට පතිත වී තිබූ හිම තට්ටු ඉවත් කිරීමට සිදුවූ බවත් දුම්රිය සේවකයෝ පවසති.

දුම්රිය බලධාරීන් පවසන්නේ මාර්ගයේ හිම ඉවත් කිරීමෙන් පසුව දුම්රිය ඇල්ප්ස් ප්‍රදේශය කරා පිටත්කර යැවූ බවයි.

සංචාරකයන් 1000ක් පමණ ගුවන් මගින් ඉවත් කරගෙන ඇත.

No comments