Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, January 15, 2018

අනියම් පෙම අතටම හසුවී පෙදරේරු සැමියා හතරකට පිහියෙන් අනියි

තම බිරිඳට,බිරිඳගේ අනියම් සැමියාට,බිරිඳගේ මවට සහ සහෝදරියකට පිහියෙන් ඇණ තුවාල සිදු කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි.

ඊයේ (14) දින රාත්‍රීයේ පල්ලම පොලිස් වසමේ විල්පත ප්‍රදේශයේදී මෙම පිහි ඇණුම සිදුවී ඇති අතර පිහි ඇණුම් කා තුවාල ලැබූ සිව් දෙනාම ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුගේ බිරිද යුද හමුදා සෙබළෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට ඔහුට තොරතුරක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමසිල්ලලෙන් සැකකරු සිට ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

14 වැනිදා සවස සැකකරුගේ බිරිඳ තම මවගේ නිවසට ගොස් ඇති අතර අනියම් සැමියා හා ඇය මුන ගැසෙන්නේ මෙම නිවසේදී බව දැනගෙන ඇති සැකකරු ඇය පසුපස ගොස් ඔත්තු බලා ඇති බව පැවසේ.

රාත්‍රී කාලයේ බිරිඳගේ අනියම සැමියා යතුරු පැදියකින් එම නිවසට පැමිණ ඇත.

තම බිරිඳ සහ අනියම් සැමියා නිවසේ සිටින බවට දැන ගත් සැකකරු මුලින්ම අනියම් සැමියාට අයත් යතුරු පැදිය ගිනි තබා විනාශ කර පසුව නිවස තුළ සිටි සිව් දෙනාටම පිහියෙන් ඇණ පලා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පෙදරේරුවෙකු බව පොලීසිය පවසයි.

පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන්,උප පොලිස් පරීක්ෂක හේවගේ යන මහත්වරුන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.

No comments:

Post a Comment