Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 11, 2018

බෝට්ටුව නැවක හැපුනා කියලා දැනගත්තෙ පස්සෙ.මම හිතුවේ හෙණයක්‌ ගැසුවා කියලා.

දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක්‌ පමණ ගැඹුරු මුහුදු සීමාවේදී භාණ්‌ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක ගැටී නදීකා 02 බහුදින යාත්‍රාව පසුගියදා අනතුරට ලක්වුනා.

එහිදී ධීවර කාර්මිකයන් දෙදෙනකු මියගිය අතර තවත් තිදෙනකු තුවාල ලැබුවා.

එම බිහිසුුනු අනතුරෙන් දිවි බේරාගත් ධීවර කාර්මිකයකු වන ජයන්ත නෝමන්ද සිල්වා තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම මෙලෙස ප්‍රකාශ කලා.

එක වරම හෙණයක්‌ ගැසුවා වගේ විශාල ශබ්දයක්‌ ආවා. මම හිතුවේ හෙණයක්‌ ගැසුවා කියලා. අපි හිටපු බහුදින යාත්‍රාව නැවක වැදී ඇති බව දැනගත්තේ පසුවයි.

ඒ වෙලාවේ බෝට්‌ටුව අරගෙන ආවේ මම. නැවේ ස්‌කිපර් වශයෙන් කටයුතු කළ හිච්චා කීවා මාමේ නැව කියලා. ඔහු වීල්එක ගත්තා. මම කිව්වා අනික්‌ පැත්තට කපන්න කියලා. නැවේ බඳේ වැදුණු බෝට්‌ටුව මුණින්අතට පෙරළුණා. මම බෝට්‌ටුවේ කැබින් එක අල්ලාගෙන හිටියා. මම බෝට්‌ටුව පෙරළුනාට පසු ජනේලය අල්ලාගෙන හිටියා. වතුරත් මගේ ඔළුවට උඩින් ආවා. ජනේලයෙන් එළියට ආවා. නැවේ මාරියාවත් එක්‌ක මට බෝට්‌ටුව අල්ලා ගන්න බැරිවුණා.

විනාඩි 10 ක්‌ විතර ගිහින් බෝට්‌ටුව අල්ලා ගත්තා. බෝට්‌ටුවේ එල්ලී හිටියා. නැවෙන් ලයිට්‌ ගහනවා. පස්‌සේ බෝට්‌ටුවේ තිබූ දැලේ එල්ලිලා බෝට්‌ටුව උඩට ආවා. හැරිස්‌ මුදලාලි ඇසුවා ඉන්නේ කොහොද කියලා. මචං මම ඉන්නේ බෝට්‌ටුවේ උඩ කියලා කීවා නැව ගියා උඩට එන්න කීවා. පස්‌සේ බලන විට ගොලු මල්ලි ඇනියේ එල්ලිලා හිටියා. අනික්‌ කට්‌ටියට මොකද වුණේ කියලා මම දන්නේ නැහැ. විනාඩි 45 කට පමණ පස්‌සේ නැවෙන් බෝට්‌ටුවක්‌ ඇවිත් මම හා ගොලු මල්ලි බේරාගත්තා.. බෝට්‌ටුවේ මුදලාලි බේරාගන්න විට උදේ හත විතර වුණා. බෝට්‌ටුව අනික්‌ පැත්තට ගැසුවාට අඩියක්‌ විතර පේන්න තිබුණා. මුදලාලි බෝට්‌ටුව අල්ලාගෙන ඉඳලා තියෙනවා. නාවික හමුදාවෙන් තමයි මුදලාලි බේරාගත්තේ.

09 වැනිදා උදේ දැල වට කරා මාළු ටිකක්‌ හසුවුණා. ඩයිස්‌ මාමාට දැල ඇදගන්න බැරිවුණා. හිච්චා ආවා ඉස්‌සරහට. නෝමන් අයියේ බෝට්‌ටුව ඇතුලේ ඩයිස්‌ මාමා වැටුණා කියලා. ඔහු දැල ඇදලා මහන්සියෙන් හිටියේ. වතුරත් බීලා තියෙනවා. පස්‌සේ දැන ගත්තා ඩයිස්‌ මාමා මියගිහින් කියලා. පස්‌සේ ඔහුගේ සිරුර වටේ අයිස්‌ තියලා බෝට්‌ටුවේ ඇනියේ තිබ්බා. අපි ගොඩබිමට එන්න පිටත්වුණා. හික්‌කඩුවට එන්න තමයි පිටත් වුණේ. කෑම කෑවෙත් නැහැ. වතුර බිබී තමයි ආවේ. ගොලු මල්ලි කීවා මාමේ බඩගිනියි කියලා. පස්‌සේ ක්‍රිම් කැකර් බිස්‌කට්‌ එකක්‌ කාලා යට ඇඳේ හාන්සි වුණා. හිච්චා බෝට්‌ටුව පදවාගෙන ආවා. රසික මට කථා කළා රාත්‍රි 10.12 ට විතර. මම වීල්එක ගත්තා. සැතපුම් 45 ක්‌ විතර තියෙනවා කියලා මා කීවා. එහෙම කියාල විනාඩි දෙක්‌ක ගියේ නැහැ. හෙණයක්‌ ගහනවා වගේ බෝට්‌ටුව නැවේ වැදිලා පෙරළුණා.

No comments:

Post a Comment