Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 30, 2018

අයිති නැති යතුරුපැදියකට ලියාපදිංචි සහතිකයක්..!! ලියා පදිංචි කරන්න දුන් යතුරුපැදියේ තොරතුරුත් වරද්දලා.

වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයේ පදිංචි විජයරත්න විතානගේ නැමැති පුද්ගලයෙකුට පසුගියදා තමන්ට අයිති නැති යතුරු පැදියක් වෙනුවෙන් නිකුත් කල ලියාපදිංචි සහතිකයක් ලැබී තිබෙන බව වාර්තා වෙනවා.ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කරන ලද wp VZ - 8207 යන යතුරු පැදියක ලියා පදිංචි සහතිකයක් තමන් වෙත ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ.ඒ.ඒ.ඉන්ද්‍රරත්න මහතාද අත්සන් කර ඇති බව ඔහු ප්‍රකාශ කරන අතර ඒ සම්බන්ධයෙන් මෙවැනි අදහසක්ද ප්‍රකාශ කලා.

මම මට අයිති තැපැල් නයින්ටි වර්ගයේ යතුරු පැදිය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයකට මගේ තොරතුරු සියල්ල ආර්.එම්.වී එකට ගිහින් භාර දුන්නා. එහිදීත් තොරතුරු වරද්දවලා එවලා. මම නැවතත් ගිහින් ඒ පිළිබඳ දැනුම් දුන්නා.එම අවස්ථාවේ මගේ යතුරු පැදියේ නිවැරදි තොරතුරුත් සමඟ ලියාපදිංචි තැපෑලෙන් සහතිකය ආවා.එහෙම ඇවිත් නැවතත් දිනයක මට අයිති නැති යතුරු පැදියක් මගේ නමට ලියාපදිංචි කල සහතිකයකුත් මට ලියා පදිංචි තැපෑලෙන් ආවා. මේ ගැන කතා කරන්න කිහිප වතාවක්ම කොළඹ කාර්යාලයට කතා කලත් දුරකතනයට පිළිතුරු දෙන්න කිසිවෙකුත් නැහැ. වගකීම් සහිතව කටයුතු කළයුතු ආයතන වලින් මේ වගේ නොසැළකිළිමත් ලෙස කටයුුතු සිදුවෙනවානම් මහජනතාවට කාගේ පිහිටක්ද..?

No comments:

Post a Comment