Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 30, 2018

ලංකාවට එරෙහිව අවුරුදු හතරකට පසු හෙට පිටියට එන ක්‍රීඩකයා..!!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර හෙට දිනයේදී (31) ආරම්භ වන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සංචිතය සඳහා අබ්දුර් රසාක් කැඳවා තිබෙනවා. ඒ පසුගියදා නිමාවුනු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති අවසන් තරගයේදී ආබාධායට ලක්වුණු සකිබ් අල් හසන් වෙනුවෙන්.

රසාක් 2014 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරඟයකින් අනතුරුව බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට එක්වීමට අවකාශය නොලබා තිබූ අතර නැවත ඔහු ටෙස්ට් තරඟයක් හා එක්වන්නේ ඉන් වසර 4කට පසුවයි.

එසේම ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ක්‍රිකට් නීති රාමුවේ 2.1.7 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක මුෂ්රෆි මොටාසාට හිමි ජයග්‍රාහී මුදලින් 20%ක දඩයක් පනවා තිබෙනවා. ධනුෂ්ක ගුණතිලකද එම තරඟ නීතියම උල්ලංඝනය කර ඇති අතර ඔහුට තරයේ අවවාද කිරීමටද එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් කටයුතු කර තිබෙනවා.

No comments:

Post a Comment