Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, January 19, 2018

පාසල් නොයා සිසුන් පිරිසක් කළ දේට අධිකරණය දුන්නු තීන්දුව

කිළිනොච්චිය ශාන්තිපුරම් ප‍්‍රදේශයේ පාසල් සිසුන් 11 දෙනෙකු පාසල් නොගොස් මත්පැන් පානය කිරීම ඇතුළු සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වෙමින් සිටියදී ළමා රක්ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම සිසුන් 11 දෙනා අද (19) කිළිනොච්චිය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ බවයි.

එහිදී කිළිනොච්චිය දිසා විනිසුරු එස් ශිවපාල සුබ‍්‍රමනියම් නියෝග කර ඇත්තේ අදළා සිසුන්ගේ දෙමව්පියන් ද අධිකරණයට කැඳවන ලෙසයි.

සිසුන් 11 දෙනාගෙන් 8 දෙනෙකුගේ දෙමව්පියන් අධිකරණය වෙත පැමිණි පසු එම සිසුන්ට සහ දෙමව්පියන්ට තරයේ අවවාද කර මුදා හැර තිබෙනවා.

අනෙක් සිසුන් තිදෙනාගේ දෙමව්පියන් පැමිණෙන තුරු ඔවුන් ළමා රක්ෂක අධිකාරිය භාරයේ තබා ගන්නා ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

No comments:

Post a Comment