Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 9, 2018

වික්ටර්ගේ බිරිද බන්ධනාගාරයට

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්තායක මහතාගේ බිරිද වන හෂිනි රත්නියක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 17 වන දින තදක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද පෙරවරුවේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ලනු ලැබින.

ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුව සේවය කරමින් සිටි කාලයේදී රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇය පොලීසිය විසින් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සොයමින් සිටියේය.

කෙසේ වෙතත් ඇයව සගවාගෙන සිටීම හේතුවෙන් වික්ටර් රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද පැවතියේය.

No comments:

Post a Comment