Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, January 28, 2018

දැනටමත් දරුවන් දෙදෙනෙකුගේ මවක් " ශෂිකා නිසංසලා නැවත විවාහ වෙයි

ජනප්‍රිය ගායන ශිල්පිණි ශෂිකා නිසංසලා සිය විවාහයේ දසවැනි සංවත්සරය සමරා තිබෙන්නේ නැවත වරක් විවාහ වීමෙන්, ඒ පිළිබදව පුවත්පතකට ශෂිකා විස්තර කර තිබුනේ මෙලෙසින් ,

ශෂිකාට මේ විදිහට නැවත වතාවක් මනාලියක් වෙන්න හිතුණේ ඇයි?

මේ අවුරුද්දේ ජනවාරි මාසේ විසි අට වෙනිදාට අපි දෙන්න විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා. ඉතිං දහවෙනි විවාහ සංවත්සරය වෙනස් විදිහට සමරන්නත් එක්ක අපි දෙන්නට හිතුණා අයෙමත් මංගල ඇඳුමින් සැරසෙන්න. මගේ ළඟම හිතවතෙන් වගේම ලංකාවේ ජනප්‍රියම හැඩගන්වන ශිල්පියෙක් තමා ඉයන් ඩයස් කියන්නේ. ඉතිං ඉයන් මල්ලී මට කිව්වා “අක්කේ ඔයා තවම ඉස්සර හිටියා වගේනේ. ඒ හින්දා විවාහ සංවත්සරය වෙනුවෙන් අපි බ්‍රයිඩල් ෂූට් එකක් කරමු” කියලා. ඉස්සරට වඩා දැන් කැන්ඩියන් එක අඳින විදිහ, මංගල සාරිය ආභරණ වගේ හැමදේම අද අලුත් වෙලා. ඒ වගේම ලස්සන වෙලා. ඉතින් මටත් හිතුණා මංගල ඇඳුම අඳින්න. මේ ඡායාරූප දැකපු සමහරු අහනවා ආපහු මංගල ඇඳුම ඇන්දේ ප්‍රසිද්ධියක් ලබන්නද කියලා. ඇත්තටම ඒ නිසා නමෛයි හිතේ තිබුණු ආසාව නිසාමයි මේ වගේ දෙයක් කළේ.

එතකොට ඔබේ සැමියා සුරංගත් ඒ යෝජනාවට එකපයින් කැමති වුණාද?

එයාට කියපු ගමන්ම හරිම ආශාවෙන් ආ... අපි ආයෙමත් බඳිමු කියලා කිව්වා.

ඔබ දැන් දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙක්. අම්මයි තාත්තයි මඟුල් ඇඳුමෙන් ඉන්නවා දැක්කාම දරුවෝ දෙන්නා මොනවාද කිව්වේ?

ලොකු පුතා තුන වසරේ. එයාට අවුරුදු හතක් වෙනවා. ‍පොඩ්ඩාට අවුරුදු හතරක් වෙනවා. ඉතින් එක පාරට අපි මඟුල් ඇඳුමෙන් ඉන්නවා දැක්කාම ඒ දෙන්නාට හුඟක් ආසා හිතුණා. ඒ දෙන්නා අපිව මඟුල් ඇඳුමෙන් ඉන්නවා ඡායාරූප දැකලා තිබුණාට ඇත්තටම දැක්කේ මේ ෆොටෝ ෂූට් එක නිසානේ.

අවුරුදු 10කට කලින් විවාහ වූ දා ගත් ඡායාරූප සහ මේ ඡායාරූප දිහ බලද්දී ශෂිකාට මොකද හිතුණේ ?

(හිනැහී) කලින් ෆොටෝස්වල මං ගොඩාක් කෙට්ටුයි. අයියත් එහෙමයි. එදාට වැඩිය දැන් හැමදේම වෙනස් වෙලානේ. විලාසිතා පවා වෙනස්. හැමෝම කිව්වා කලින්ට වඩා මේ ඡායාරූප ගොඩාක් ලස්සනයි කියලා. මාව ලස්සන කරපු ඉයන් මල්ලිට වගේම සුරංගව ලස්සන කරපු සඳුන් මල්ලිටත් ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

බොහෝ ජනප්‍රිය පුද්ගලයන්ගේ විවාහ ජීවිත ඉක්මනින් කඩා වැටෙන කාලයක වසර 10ක් විවාහ දිවිය සමගියෙන් ගත කරන්න සැමියාගෙන් මොන විදිහේ අත්වැලක්ද ජීවිතයට ලැබුණේ ?

මං ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි, අපිට හම්බවෙන මේ ආත්මේ ඉන්න සමීපතමයන් පෙර ආත්මවලත් හිටියා කියලා. සුරංග අයියයි මමයි දෙපැත්තක හිටිය දෙන්නෙක්. එයාගේ ගම ඇඹිලිපිටියේ. එයා විශ්වවිද්‍යාලයේදී මට හම්බවෙන්නේ. ඉතිං අපි දෙන්නත් ආත්ම ගාණක ඉඳලා මුණ ගැහෙන දෙන්නෙක් කියලා මට හිතෙන්නේ. මොකද යාළුවෝ කා‍ලේදීත් අපි ගොඩාක් සමීපයි. මගේ ජීවිතයට ලැබුණු වටිනාම කෙනා ඔහු. ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔහුගෙන් මට ලැබෙන්නේ පුදුම සහයෝගයක්. පාරමිතා, තොල්පෙති විතරක්, මේ වගේ ගීත අපි දෙන්නා ආදරේ කරන්නත් කලින් ජනප්‍රිය වෙලා තිබුණේ. ඒ හැමදෙයක්ම තේරුම් ගෙන මම ගායිකාවක් විදිහට වැඩ කරන්න ඕන කියන තැන හිඳගෙන එයා මට පුදුම සහයෝගයක් දෙන්නේ. දරුවන්ගේ වගේම මගේ වැඩවලටත් උපරිම කැපවුණ කෙනෙක්. මගේ සැමියා හෙවණැල්ල වගේ මගේ පිටිපස්සේ ඉන්නවා.

No comments:

Post a Comment