Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 16, 2018

අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්ෂෙනෙ. ඒ හින්දා කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව'

වංචා දුෂණ වලට එරෙහිව කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැකගැනීම එක්සත් ජාතික පක්ෂයේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රචාරක ජන හමුවක් අමතමින්.

බැඳුම්කර සොරකමක් සිදුවූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් එයට වගකිව යුතු බවත් පෙන්වාදුන් ඔහු මෙවැනි ප්‍රකාශයක්ද සිදු කලා.

''අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්ෂෙනේ. ඒ හින්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව.

මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැඳුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව. බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනවා. අපේ අයත් හොරකං කරා. ඒක තමයි ඇත්ත.

එතකොට ඒ හොරු අල්ලන එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව.

මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. මේ අපේ ජනාධිපති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දින්නෙ අපේ ඡන්දවලින්. අපි ඇයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ‘‘

No comments:

Post a Comment