Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 18, 2018

චාමර , ඉදුනිල් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙයි.

ලංකාවේ ජනප්‍රි සංගීත කණ්ඩායම් අතර ඉහලින්ම සිටින සංගීත කණ්ඩායමක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ගැන කතා කරද්දි දකුණු පුරවරයෙන් ආරම්භ වෙලා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අති දැවැත්ත චරිත විශාල ප්‍රමාණයක් දායක කරපු බව ඕනම කෙනෙක් දන්න දෙයක්. වර්තමානය වන විට තරුණ තරුණියන් අතර හදවතේ ගායකයා විදියට නම් දරා සිටින චාමර වීරසිංහ නම් දැවැන්ත චරිතය ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දායාද කලෙත් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම විසින්.

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නම කියද්දිම චාමර වීරසිංහ එක්කම කියවෙන අනිත් නම තමයි ඉදුනිල් අන්ද්‍රමාන්න. සංගීත කණ්ඩායමේ නියාමක නිවේදන ශිල්පියා විදියට කටයුතු කරමින් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ලංකාවෙ විතරක් නෙමෙයි මුලු ලෝකය පුරාම ජනතාව අතරට ගෙනයන්න ඉදුනිල්ට පුලුවන් උනා.

ඒත් මේ වෙනකොට ඉදුනිල් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා කියල අපිට දැනගන්න ලැබුනා. එයට හේතුවක් මේ වෙද්දි හරිආකාරව ලැබී නොතිබුනත් ඉදුනිල් මේ වන විට සංගීත කණ්ඩායමේ නොමැති බව පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම විසින් තම නිල ෆේස්බුක් පිටුවේ සදහන් කරලා තියෙනවා.


මීට පෙර අවස්ථාවකදීද ඉදුනිල් සංගීත කණ්ඩායමෙන් ඉවත්වී සිටි අතර එයට හේතු ලෙස දක්වා තිබුනේ ඔහුයේ යම් යම් නොමනා හැසිරීම් නිසා සංගීත කණ්ඩායමෙන් ඉවත්කල බවයි.

කෙසේ වෙතත් මෙම පුවත පර්පල් රේන්ජ් රසිකයන්ට නම් තවමත් විශ්වාස නැති බව තමයි ඔවුන්ගේ අදහස් වලින් අපට පෙනී ගියේ. ඔවුන් පවසා ඇති අන්දමට ඉදුනිල්ගේ ඉවත්වීමෙන් පසු සංගීතකණ්ඩායමේ පෙර තිබූ වටිනාකම අඩුව ඇති බවත් මෙසේ සංගීත කණ්ඩායමේ දැවැන්තයින් සමු ගැනීම සංගීත කණ්ඩාමේ අවසාන ඉතා ඉක්මනින් ලංකරන බවත්ය…

මීට ආසන්න කාලයේදී පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ දැවැන්ත චරිත කිහිපයක්ම සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමද බොහෝ දෙනාගේ කුතුහලයට ලක්ව තිබුනා

No comments:

Post a Comment