Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 27, 2018

ලංකාවට ගේම දෙන්න බංගලියෝ අවසන් තුරුම්පුවත් ගසයි - නවසීලන්තයේ සිටි 17 හැවිරිදි දඟ පන්දු යවන්නා සංචිතයට කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට 17 හැවැරිදි ක්‍රීඩකයෙක් නම් කර ඇත.

නයීම් හසන් නැමැති මෙම ක්‍රීඩකයා පිට දඟ පන්දු යවන්නෙක් වන අතර ඔහු නවසීලන්තයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් තරග කරමින් සිටියි.

හසන් මේ දක්වා ක්‍රීඩා කළ ඇත්තේ පළමු පෙළ තරග 4කි. තරගාවලියේ පුහුණුවීම් සඳහා එක්වීමට හසන් නවසීලන්තයේ සිට බංග්ලාදේශයට ගෙන එන බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබ්ඩීන් පවසයි.

බංගලාදේශ සංචිතය මෙසේය - Shakib al Hasan (c), Mahmudullah, Litton Das (wk), Tamim Iqbal, Mushfiqur Rahim, Imrul Kayes, Mominul Haque, Mosaddek Hossain, Taijul Islam, Mustafizur Rahman, Kamrul Islam, Mehidy Hasan, Rubel Hossain, Naeem Hasan.

No comments:

Post a Comment