Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 13, 2018

නොහික්මුණු රියදුරෙකු නිසා පිංදෙණිය කම්පා කරමින් පුංචි සමනළියකට දිවි අහිමි වෙද්දි ප්‍රදේශවාසින් කළ දේ

පිංදෙනිය ප්‍රදේශයේ දී අද (13) උදෑසන සිදුවූ අනතුරට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් එක්ව අනතුර සිදුවූ ස්ථානයේ විරෝධතවක් ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන සිදුවූ මේ අනතුරෙන් වයස අවුරුදු 07ක කුඩා දැරියකට ජිවිතය අහිමි වුණා.

අවිස්සාවේල්ල - මහනුවර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයකට යටවීමේනුයි මේ අනතුර සිදුවුණේ.
අනතුරෙන් තුවාල ලැබූ එම දැරියගේ මිත්තණිය සහ තවත් කුඩා දැරියක් මේ වන විට කෑගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සිදුකළ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ සහයකයා අත්අඩංගුවට ගත් බවයි පිංදෙනිය පොලිසිය පවසන්නේ.

කුඩා දැරියන් දෙදෙනා සහ ඔවුන්ගේ මිත්තණිය මාර්ගයේ ගමන්කරමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇත්තේ.



No comments:

Post a Comment