Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, January 15, 2018

පුංචි ඡන්දේ අපේක්ෂකයින් 19 ක් අත්අඩංගුවට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මේ වන විට මැතිවරණ නීති රිති උල්ලංඝණය කිරිම් සහ මැතිවරණ සිද්ධින් වලට අදාලව පුද්ගලයින් 166 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර අපේක්ෂකයින් 19 දෙනෙකු වන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 57ක් වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර අපේක්ෂකයින් 10 දෙනෙකු වන බව සඳහන්ය.

මේ අතර මැතිවරණ පැමිණිලි 129ක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් 46 දෙනෙකු වන අතර අපේක්ෂකයින් 09 දෙනෙකු ඒ අතර වේ.

No comments:

Post a Comment