Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 4, 2017

දකුණු කොරියාවේ බෝට්ටු අනතුරකින් දහතුනක් මරුට [Video]

දකුණු කොරියාවේ ධීවර යාත්‍රාවක් බටහිර වෙරළ තීරයේ දී ටොන් 336 බරැති ඉන්ධන ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙන අතර එහි ගමන් ගත් පිරිසෙන් අවම වශයෙන් දහතුන්දෙනෙකුවත් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ ‘Seonchang-1’ නමැති කුලී යාත්‍රාවේ පුද්ගලයන් 20 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයන් දෙදෙනෙකු සිට ඇති බව බලධාරීන් පෙන්වා දී තිබෙන අතර අතුරුදහන් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් දියත්කොට තිබේ.

එමෙන්ම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි පුද්ගලයන් අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් පුද්ගලයින් හත් දෙනෙකු පමණ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙන ගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කරමින් දකුණු කොරියාවේ යොන්හැප් පුවත් සේවය කියා සිටියේ ධීවර යාත්‍රාව වෙරළ සීමාවෙන් පිටත් වී මිනිත්තු නවයකට පසු අනතුර සිදුව ඇති අතර ධීවර යාත්‍රාව සහ ඉන්ධන ප්‍රවාහන නෞකාව පාලමක් යටින් එකිනෙක පසුකර යාත්‍රා කරන අවස්ථවේ මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

එමෙන්ම, අනතුරින් මියගිය අයගේ මරණවලට මුහුදු ජලයේ පවතින පහළ උෂ්ණත්වය ද ප්‍රධානව බලපා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

No comments:

Post a Comment