Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 4, 2017

වැටුණාද? පැන්නාද? සෙත්සිරිපායේ 13 මහලෙන් වැටුණා කී තරුණයාගේ මරණය සියදිවි නසාගැනීමක්..?

බත්තරමුල්ලේ සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු අද (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 21 පමණ වන තරුණයෙකු මෙසේ ගොඩනැගිල්ලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අද (04) පස්වරු 2.30 පමණ මෙය සිදුව ඇති අතර ඔහුගේ සිරුර හඳුනාගැනීම සඳහා භාරකරුවෙකුද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මොහු ගාල්ල නෙලුව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන බවත්,මීට මාසයට පමණ ඉහතදී ආපන ශාලා සේවකයෙකු ලෙස රැකියාවට පැමිණි අයෙකු බව සඳහන්.

කෙසේ වෙතත් මෙම මරණය සියදිවි නසාගැනීමක් බවටද සැක පහළ වී තිබෙනවා.

ඔහුගේ පෙම්වතියට වෙනත් තරුණයෙකු සමග පෙම් සබඳතාවක් තිබු බවටත් මේ නිසා සිත් තැවුලෙන් සිටි තරුණයා මෙසේ සියදිවි හානිකගන්නට ඇතැයිද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment