Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

චන්දියි - ඇන්ජියි එකතු වෙලා ගහපු ගේමක්ද ?" කෝලීට මල පනියි - තරගය නවත්වයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වනවිට ඉන්දියාවේ නව දිල්ලී ක්‍රීඩා පිටියේ පැවැත්වෙනවා. අද තරගයේ දෙවන දිනය වන අතර අද තරගයේ සිදුවීමක් අතිශය කතා බහට ලක්ව තිබෙනවා. එනම් ක්‍රීඩා පිටියේ වායු තත්වය අපිරිසිදු යැයි කියමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය විනාඩි කිහිපයකට නැවතීමයි, ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටි අතර ඒ වන විට ඔවුන් කඩුලු හතක් දැවී ලකුණු 536ක් ලබා සිටියා,

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණු ආවරණය කරගෙන පිටියට පැමිණ වරින් වර තරගය නවතා විනිසුරුට තරගයේ වායු තත්වය පිළිබදව පැමිණිලි කළ අතර අවසානයේ ඉන්දීය නායක විරාත් කෝලී සිය අසුනින් නැගිට ඉන්දීය ඉණිම අත් හිටුවා සිය කණ්ඩායම පන්දු යැවීමට සුදානම් බව කි‍යා සිටියා.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැඩිව විවේචනය කරන ඉන්දීය මාධ්‍ය පවසා තිබුනේ නියත පරාජයක් වළක්වා ගෙන තරගය අත්හිටුවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙස හැසිරුණු බවයි, මෙම හැසිරීම ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ආන්ජලෝ මැතිවුස් විසින් සැලසුම් කිරිමක් ලෙසද ඔවුන් චෝදනා කර තිබුනා,

කෙසේ වෙතත් නව දිල්ලිය යනු දැඩි වායු දූෂණයක් පවතින නගරයක් වන අතර , අයහපත් වායු තත්වය නිසා මින් පෙර මෙම ක්‍රීඩා පිටියේ ඉන්දීය ‍රංජි තරගාවලියේ තරග දෙකක්ද නවතා තිබෙන බව සදහන්. එලෙස ඉන්දීය ඉනිම අරඹා පිතිකරනයට පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල්ල පළමු පන්දුවටම දැවි යාම විශේෂත්වයක්. දෙවන දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු දෙකකට ලකුණු 18ක් ලබාගෙන සිටියා.

එම අවස්තාවේ ඡායාරූප සහ සිදුවීම පිළිබදව දෙරටේ සමාජ ජාලා ක්‍රීයාකාරීකයන් විසින් පළ කර තිබු ඡායාරූප කිහිපයක් පහතින් ,

No comments:

Post a Comment