Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 4, 2017

මඩකලපුවේ ධීවරයින්ගේ දැල් වලට සර්පයින් හසු වුනේ ඇයි..? ධීවරයින්ගේ බලාපොරොත්තුව ඉටුවේ.

මඩකලපුවේ ධීවරයන්ට මේ දිනවල මාළු වෙනුවට සර්පයින් හසුවන පුවත අප ඊයේ අනාවරණය කලා. මෙම හේතුව නිසා එම ප්‍රදේශයේ ධීවරයන් ඉතා අපහසුතාවයට පත්ව ඇති බව සහ මෙලෙස සර්පයින් හමුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඉක්මනින්ම සොයා බලා ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙස ධීවරයින් ඉල්ලා සිටියා.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි පිළිබඳව සොයා බලා ඉක්මනින්ම ධීවර ජනතාව දැනුවත් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.ඒ අනුව අද (04) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වරයා විසින් මේ පිළිබඳ සොයා බලා වාර්ථාවක් ලබා දෙන මෙන් නාරා ආයතනයට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙය සුනාමි වැනි ස්වාභාවික ව්‍යසනයක පෙරනිමිත්තක්ද? එසේ නැත්නම් එම සතුන්ගේ ජීවන චක්‍රයේ පවතින රටාවක් නිසා හෝ ඔවුන් ගේ චර්යා රටාවේ පවතින තත්ත්වයක්ද, එසේත් නැත්නම් සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය පවතින සමය තුළ මුහුදේ ඇති කැළඹිළි සහිත තත්ත්වය නිසා සිදුවන්නක්ද හෝ සාගරයේ ලවණ හෝ උෂ්ණත්වයේ විචලනයන් නිසා සිදුවන්නක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

බොහෝ දෙනාට කුතුහලයක්ව පැවති මෙම සිද්ධියේ ඇත්ත කතාව ලඟදීම ඔබට දැනගැනීමට හැකියාව ලැබේවි.

No comments:

Post a Comment