Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

කුරුවිටදී ගෙල හා අත් පා කපා දමලා.. මැණික්‌ ව්‍යාපාරිකයාගේ බිරිඳ නිවසේ තනි වූ මොහොතේ සිදුවූ දේ

කුරුවිට - තෙප්පනාව ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකුගේ බිරිඳක්‌ තියුණු ආයුධයකින් ගෙල පිටුපස හා අත් කපා දමා මරා දමා ඇති බව කුරුවිට පොලිසිය පවසනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ පසුගිය 29 දින දහවල් කාලයේදීයි.

මෙසේ මියගියේ ඩී.ඇම්. රංජනී ශ්‍රියාලතා නමැති 50 හැවිරිදි අයෙක්. ඇගේ ව්‍යාපාරික සැමියා ව්‍යාපාරික කටයුතු සඳහා උදෑසන නිවසින් පිටව ගොස්‌ ඇති අතර ප.ව. 1.15 ට පමණ නිවසට පැමිණි අවස්‌ථාවේ ඔහු සිද්ධිය දැක පොලිසියට දන්වා තිබෙනවා.

ඇය නිවසේ සිට ඇත්තේ තනිවයි. මෙම සිද්ධිය නිවස කොල්ල කෑමට පැමිණ සිදුවූවාද නැත්නම් වෙනත් කාරණාවක්‌ දැයි හෙළිව නොමැති අතර ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා රත්නපුර රෝහලට ගෙන ගොස්‌ ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය පරික්‌ෂණ මෙහෙයවනු ලබනවා.

No comments:

Post a Comment