Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, December 1, 2017

මහින්දගේ ප්‍රබලයන් පහක් ඒකාබද්ධය හැරදා මෛත්‍රීගේ සහයට එයි..?


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සුදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපය හා එක්ව තරඟ කිරීම පිණිස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තුළ අවංක උත්සාහයක් නොතිබීම තමන් මෙම තිරණය ගැනීමට මුල් වු බව එම මන්ත්‍රීවරුන් පවසා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ එසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂට සම්බන්ධවීමට වෙර දරණ කණ්ඩායමේ පසුගිය රාජ්‍ය පාලන සමයේ බරපතල වංචා දූෂණ වලට සම්බන්ධ වීම නිසා අධිකරණය හමුවට පමුණුවා සිටින්නවුන්ද ඇති බවය.

ඉදිරියේ ගනු ලබන අධිකරණ ක්‍රීයාමාර්ග වලින් ගැලවීමට ඔවුන් දේශපාලන රැකවරණ ලබාගනු පිණිස මෙම පියවර ගන්නා බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment