Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 4, 2017

පතාලය හෙල්ලූ කොතලාවල සුද්දා කොටුවේ - වෙඩි නොවදින ලෙස සෑදු සුපිරි නිවසක සිට පාතාලය මෙහෙයවලා

අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙන ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු , සිය සුපිරි නිවසේ සිටියදි පොලිසිය විසින් කොටුකර ගත් පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස නිතීයේ රැහැනට කොටුව තිබෙන්නේ කඩුවෙල වසන්ත නමැති පාතාල නායකයා ඝාතනයේ සැකකරු වූ කරාටේ ධම්මිකගේ ප්‍රධාන ගෝලයා යෑයි පැවසෙන කොතලාවල සුද්දා නැමැති පාතාල සමාජිකයායි. කලක පටන් හෙරොයින් ජාවාරම මහා පරිමාණව සිදු කරගෙන ගිය මෙම සැකකරු හෙරොයින් තොගයක්‌ සමග වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය 2 දා කොතලාවලදී අත්අඩංගුවට ගෙන ඇත.

කඩුවෙල කොතලාවල කැකිරිදෙණිය ප්‍රදේශයේ සුපිරි නිවසක මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරමින් සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්වී තිබිණි. පැකට්‌ කර අලෙවියට සූදානම් කළ හෙරොයින් ග්‍රෑම් දහයකට ආසන්න ප්‍රමාණයක්‌ සැකකරු ළඟ තිබී අත්අඩංගුවට පත්වී තිබිණි.

කොතලාවල සුද්දා නමින් හැදින්වෙන මෙම සැකකරු පාතාලයේ භයානක ඝාතකයෙක් ලෙස හැදින්වෙන අතර මනුෂ්‍ය ඝාතන දහඅටක්‌ සම්බන්ධයෙන් සහ තවත් චෝදනා දෙකක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතවී සිට නිදහස්ව පැමිණ ඇත්තේ ඉකුත් ජනවාරියේය. සිරෙන් නිදහස් වී පැමිණි පසු හෙරොයින් ජාවාරම අරඹන කොතලාවල සුද්දා සිය ගෝලයින් යොදවා මහා පරිමාණයෙන් එය කරගෙන ගොස්‌ තිබිණි. මරණ තර්ජන හමුවේ බියෙන් නිවසටම වී සිටින ඔහු වටා දැඩි ආරක්‍ෂාවක්‌ සලසා තිබූ බවද පවසන පොලිසිය වැටලීම සිදුකළ අවස්‌ථාවේත් පුද්ගලික ආරක්‍ෂක ගෝලයන් කිහිප දෙනෙකුම එම නිවසේ යොදවා සිටි බවත් පැවැසීය.

සුපිරි මහල් නිවසක්‌ වූ සැකකරු පදිංචි නිවස වෙඩි නොවදින ආකාරයට ආරක්‍ෂිත බැම්ම පවා සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට්‌ කර තනා තිබී ඇත. සැකකරු උඩුමහලට වී ආයුධ සන්නද්ධ පෞද්ගලික ආරක්ෂක ගෝලයන් පිරිවරාගෙන ඉතා ආරක්‍ෂිතව සිට මෙම ජාවාරම මෙහෙයවා තිබූ බවත් පැවසේ.


No comments:

Post a Comment