Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

ඉතුරු රුපියල ඉල්ලා හැඬූ මවට රුපියල් 45000 ක් දුන් අපේ රණවිරුවා

පසුගිය දිනක බස් රථයක් තුල අසරණ වූ වයෝවෘද්ධ මවකට පිහිට වූ රණවිරුවෙක් පිළිබද පුවත බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වුණා. ෆේස්බුක් සමාජජාලයේ ක්‍රීයාකාරිකයෙකුගේ අත්දැකීමක් ඇසුරින් ලියැවුනු එම පුවත ප්‍රථමයෙන්ම වාර්තා කළේද නෙත් ගොසිප් අපයි. කෙසේ වෙතත් එම සිදුවීමේ සම්පූර්ණ විස්තරයම දැන් අනාවරනය වී තිබෙනවා. මුදිත මාධ්‍ය වාර්තා කරන අන්දමට සිදුවීම මෙලෙසිනි,

ඇය නමින් ඇලිස් නෝනා ය, ඇලිස්‌ නෝනා බාරොන් සමඟ විවාහ වන්නේ දැනට දශක හතරකට පමණ ඉහතදීය. එම විවාහයෙන් ඔවුන්ගේ එකම දරුවා ලෙස මෙලොවට දියණියක් පැමිණියහ. නමින් ඇය නිර්මලාය. දහසකුත් ප්‍රශ්න හමුවේ එම යුවළ තම දියණිය ඇස්‌ දෙක මෙන් රැක බලා ගත්හ. බාරොන් කිසි දිනක තම දියණියට අතුල් පහරක්‌වත් ගසා නොමැත. කුඩා කල සිටම ඇයට කිසිම අඩුවක් නොකර ඇය රැක බලා ගැනීමටද බාරෝන් පියා කටයුතු කළේය. ඔහුත් තම එකම දියණියව රැක බලා ගත්තේ එලෙසින්ය. නිසි වයස පැමිණීමත් සමඟ තම දියණියව කසාද බන්දවා දීමටද ඔවුහු කටයුතු කළහ.

විවාහයෙන් පසුව නිර්මලා ස්‌වාමිපුරුෂයා සමඟ ජීවත් වූයේ තමාගේ නිවසේමය. ඉන්පසු ඔවුහු දරු සුරතල්ද බැලූහ. ඒ සමඟම බාරොන් පියා සහ ඇලිස්‌නෝනා මවද ද හැකි අයුරින් ඔවුනට උදව් පදව් කරමින් එම නිවසේම ජීවත් වූහ.

කල්යත්ම දුර්වල පියා අසනීප වී ඉතා දුර්වල විය. තමන්ගේ වැඩ කටයුතුවත් කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්විය. එලෙස රෝගාතුර වූ තම පියා දෙස නිර්මලා ඇසක්‌ ඇර බැලුවේ නැත. අසරණ මහලු මව ඇයට හැකි උපරිම අයුරින් තම ස්‌වාමි පුරුෂයාට සාත්තු සප්පායම් කළාය.

එන්න එන්නම වයෝවෘද්ධ පියා දුර්වල විය. ඔහුට හරි හැටි සාත්තු සප්පායම් නොකිරීම නිසා ශරීරයෙන් අමුතු දුර්ගන්ධයක්‌ ද පිටවිය. ඒ වන විට නිර්මලාට තම පියාව විශාල කරදරයක්‌ වී තිබුණි. අවසානයේ ඇය සිත් පිත් නොමැති අයෙකු සේ හැසිරෙමින් තම පියාව නිවසින් එළවා දැමුවාය. අසරණ මව එයට දැඩි ලෙස විරෝධය පළකළත් කිසිදු පලක්‌ වූයේ නැත.

වයෝවෘද්ධ එම අසරණ පියා තම දුවගේ නිවසට කිලෝමීටරයක්‌ පමණ දුරින් පිහිටි අතහැර දමා තිබී ඉතා අබලන් වූ කුඩා නිවසක්‌ වෙත ගියේය. එතැන් සිට රෝගාතුර වූ එම පියාගේ නවාතැන්පළ වූයේ එයයි. ගතින් දුර්වලව රෝගී වුවත් ඔහුගේ සිත දුර්වල වී නොතිබුණි.

ඉඳහිට හෝ ඔහුගේ දුක සැප බැලීමට පැමිණෙන්නේ තම ආදරණීය බිරිඳ පමණි. ඇයත් දැන් පසුවන්නේ ඉතාම මහලු වියේය. ඇයටද කළ හැකි දෙයක්‌ නොමැත.

මෙලෙස තවත් දිනයක් උදාවිය, නිර්මලා දියණිය රැකියාව සදහා පිටත් විය . නිවසේ සිටියේ මුණුබුරා සහ මහලු මව පමණි. ඇයට සිය සැමියා බැලීමට යාමට අවශ්‍ය විය , නමුත් ඒ සදහා බස් වියදම ඇය සතුව තිබුණේ නැත. ඉතින් ඈ මුණිබුරාගේ පිහිට පැතුවාය.

"අනේ පුතේ... මට රුපියල් 18 ක්‌ දෙන්න. උඹට බුදු බව අත්වෙයි..."

"පිස්‌සුද ආච්චියේ... ඔයාට මොකටද සල්ලි... අපේ අම්මා ඔයාට කන්න බොන්න දෙනවනේ..."

"ඒක ඇත්ත මයෙ පුතේ... ඒ වුණාට සීයව බලලා එන්න ඕනෑ. දවස්‌ ගාණකින් ගියේ නැහැ. කෑවද බීවද දන්නෙ නැහැ. පහුගිය දවස්‌වල හොඳටම ලෙඩ වෙලා හිටියනේ...."

"අපෝ සීයව නම් මතක්‌ කරන්න එපා. එයා ළඟ මහ අමුතු ගඳක්‌ ගහන්නේ. අම්මා කැමැති නැත්තෙත් ඒකයි සීයව ගෙදරට ගෙන්න ගන්න..."

"එහෙම කියන්න එපා. ඒ උඹලගෙ අම්මගෙ තාත්තා. ාම්මට දැන් මුල මතක නැහැ. ඒ රත්තරන් මනුස්‌සයා කොච්චර දුක්‌ වින්ඳද අම්මව උස්‌ මහත් කරවන්න. කෙළෙහි ගුණ දන්නැති ගෑනි. ඒකිව මගේ බඩෙන් වැදුවා කියලා කියන්නත් ලැඡ්ජයි මට. අනේ පුතේ... මට රුපියල් 18 ක්‌ දියන්".

"අයියෝ ආච්චිගෙන් මාර කරදරයක්‌ තමයි තියෙන්නෙ... මම හම්බ කරනවද ඔයාට සල්ලි දෙන්න..."

"එහෙම කියන්න එපා. ඔය සීයා උඹවත් පොඩි කාලේ බලා ගත්තා. මගේ අතේ තියෙනව නම් ඉල්ලන්නේ නැහැ පුතේ. ලොකු ගාණක්‌ ඉල්ලන්නෙත් නැහැනේ. රුපියල් 18 ක්‌ දියන්. සීයව බලලා එන්න."

ඉල්ලපු රුපියල් 18 දහසකුත් නෝක්‌කාඩු කියා එම මුණුබුරා තම මිත්තණියට දුන්නේය. මහලු මවට එම මුදලත් ඉතා අගනේය. සති ගණනකින් ඇයට තම ස්‌වාමිපුරුෂයා බැලීමට නොහැකි විය. එයට ප්‍රධානතම හේතුව වූයේ ඇය අතේ බස්‌ ගාස්‌තුව වත් නොමැති වීමයි.

එදින දියණිය නිවසේ නොසිටි නිසා බත් පාර්සලයක්‌ද ඔතා ගත්තාය. එලෙස ඔතාගත් බත් පාර්සලයද රැගෙන ඇය ප්‍රධාන මාර්ගයට පැමිණියේ බස්‌ රථයක්‌ ලබාගැනීම සඳහා ය.

බස්‌ රථයට ඇය දුර තියාම අත දිගු කළාය. අධික වේගයෙන් පැමිණි එම බස්‌රථය ඉද්ද ගැසුවාක්‌ මෙන් ඇය ළඟ නතර කළාය. කොණ්‌ඩය අමුතුම ආකාරයට කැපූ තරුණ හාදයෙක්‌ ඉදිරි දොරටුවෙන් ඔළුව එළියට දමා "වාත වෙන් නැතිව ඉක්‌මනට නඟින්න" කියා බෙරිහන් දුන්නේය. ඔහු එම බස්‌රථයේ කොන්දොස්‌තර වරයාය.

"පොඩ්ඩක්‌ ඉන්න පුතේ..." කියමින් අසරණ මව බස්‌රථයට ගොඩ වූවාය. ඒ සමඟම එම බස්‌රථයේ සිටි තරුණයකු ඇයට සිය අසුන පරිත්‍යාග කළේය.

කොන්දොස්‌තර ඇය ළඟට පැමිණ "ටිකට්‌ ගන්න, ටිකට්‌ ගන්න" කියා උස්‌ හඬින් පැවසුවේය. ඇය යම්කිසි මුදලක්‌ එම තරුණයාට දී බහින ස්‌ථානය පැවසුවාය. එහෙත් කොන්දොස්‌තර ඇයට දුන්නේ රුපියලක්‌ අඩුවෙනි. ඉතිරි මුදලට රුපියලක්‌ අඩු නිසා ඇය කොන්දොස්‌තරගෙන් එම මුදල ඉල්ලුවාය.

"රුපියලක්‌ දෙන්න මගේ ළඟ නැහැ. තියෙනවනම් නොදී ඉන්නවද" ඉතා උස්‌ හඬින් කොන්දොස්‌තර එලෙස පැවසුවේය.

"අනේ පුතේ මට ඒ රුපියල ඕනා..." නැවතත් ඇය ඉතා බැගෑපත් ලෙස පැවසුවාය.

"මම සැරයක්‌ කිව්වනේ... දෙන්න රුපියලක්‌ නැහැ කියලා. එහෙනම් ටිකට්‌ එකේ ගාණ හරියට දෙන්න. මෙතන රුපියලට කෑගහනවා. පුදුම තණ්‌හාවක්‌නෙ තියෙන්නේ. යනකොට අරගෙන යන්නද මන්දා" ඒ කොන්දොස්‌තරගේ ප්‍රති උත්තරයයි.

කොන්දොස්‌තර තැන කොතරම් කෑගැසුවත් එම මහළු කාන්තාව ඉතුරු රුපියලම ඉල්ලයි. එමනිසා සමහරෙක්‌ ඇය පිස්‌සියක යෑයි සිතා සිනාසුණහ. තවත් සමහරු ඇය අධික තණ්‌හාවෙන් යුතු කාන්තාවක්‌ යෑයි සිතූහ. එහෙත් සත්‍යය දන්නේ ඇය පමණි. ඉතුරු රුපියල නොමැති වුවහොත් ආපසු යැමට ඇයට රුපියලක්‌ මදිවේ. ඇය පුන පුනා රුපියල ඉල්ලන්නේ එම නිසාය.

අසල සිටි තරුණයෙක්‌ මුල සිටම සිද්ධිය දෙස ඇස ගසාගෙන සිටියේය. ඔහු රණවිරුවෙකි. ඔහු සිටියේ නිවාඩු ලබා තම නිවස බලා යන ගමන්ය. රුපියල ඉල්ලන මහලු කාන්තාවගෙන් ඇය මෙච්චර කෑගසා එලෙස රුපියලක්‌ ඉල්ලන්නේ ඇයි දැයි කියා විමසුවේය. එවිට ඇය මුළු කතාවේ සම්පූර්ණ විස්‌තරය එම තරුණයාට පැවසුවාය. එම විස්‌තරය ඇසූ තරුණයාගේ සිත වාවාගත නොහැකි ලෙස උණුවිය. දෙනෙතට කඳුළැලි පවා නැඟුණේ නිරායාසයෙනි.

"අනේ අම්මේ... අද වාගේ සමාජයකට ඔයා උතුම් ආදර්ශයක්‌. ඔය පිනම ඇති අම්මාව නිවන් දකින්න. මගේ ළඟ තියෙන්නෙ මෙච්චරයි. අම්මා මේ සල්ලි අරගෙන ස්‌වාමිපුරුෂයාව දොස්‌තර කෙනකුට පෙන්නලා බෙහෙත් ටිකක්‌ අරන් දෙන්න. ඉතිරි සල්ලිවලින් කෑම බීම ඇඳුම් පැළඳුම් ටිකක්‌ අරන් දෙන්න...."

පසුම්බියේ තිබූ රුපියල් 45000 ක මුදලක්‌ කිසිදු ලෝභ කමක්‌ නොමැතිව එම හමුදා සෙබළා ඇලිස්‌නෝනාට ලබා දුන්නේය. සමහර විට එම මුදල ඔහුගේ පවුලේ වියදමට තිබුණ මුදල් වන්නට පුළුවන.

"අනේ පුතේ උඹ බුදු වෙන්න ඕනා" ඇය පැවසුවේ එපමණකි.

No comments:

Post a Comment