Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

වෙඩි තබා දළ පූට්ටූවා මරා දැමූ නොමිනිසුන් පොලීසිය හමුවේ පාපොච්චාරණයක

ලෝක උරුමයක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතා වෙඩි තබා ඝාතනය කිරීම පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. කෙසේ වෙතත් මේ වනවිට දළ පූට්ටුවාගේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මේ අනුව ගල්ගමුවේ දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීට සති තුනකට පෙර රාත්‍රියක මොරගොල්ලාගම දඩයක්කරුවන් පිරිසක් බවට අනාවරණය කර ගැනීමට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. දළ පූට්ටුවා නමැති සද්දන්තයා බිම හෙළීමට වෙඩි ප්‍රහාර එල්ල කළ දඩයක්කරුවන්ගේ නායකයාද සද්දන්තයාට වෙඩි තැබීමට යොදා ගත් බෝර 12 වර්ගයේ ගිනිඅවියක්ද අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ ඝාතනයේ තොරතුරු අනාවරණය වෙමින් පවතින බව සදහන්. නායක දඩයක්කරු වන හේරත් මුදියන්සේලාගේ රන්බණ්ඩා ඇතුළු හය දෙනකු නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉකුත් 30 වැනි දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් හය දෙනාම මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදා ගන්නා කියත් පටි 03ක්, අත් කියතක කොටසක්, ඇත් දළවලින් සාදන ලද සිංහ රූප සහිත පෙන්ඩන්ට් 02ක්, ඇත් දළ කොටසක්, කුඩා ගජමුතුවක් සොයා ගැනීමට හැකි විණි. එම නායක දඩයක්කරුට ගල්ගමුවේ දළ පූට්ටුවාව මරා දමා ඇත් දළ දෙක කපා ගන්නා ලෙසට දන්වා ඇත්තේ දැනට මේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හේරත්ගම ග්‍රාම සේවක නිලධාරියා වන අසංක සෙනරත් බණ්ඩාර විසින් බවද දඩයක්කරු පාපෝච්චාරණය කර ඇත.

කෙසේ වෙතත් නොමිනිසුන් පිරිසක් දළ පූට්ටුවා හස්ථි රාජයා එලෙස ඝාතනය කරද්දි ගල්ගමුව සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව දැඩි කම්පාවටත් සංවේගයටත් පත් වි සිටින බව වාර්තා වෙනවා. මේ බව හෙළිවන්නේ අවාසනාවන්ත ලෙස ඝාතනය වූ දළ පූට්ටූවා හස්තියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සහ මතක බණක් පැවැත්වීමට ගල්ගමුව ප්‍රදේශවාසින්ගෙන් සුදානම් වන බව දිඹුලාගල රජමහා විහාරාධිපති ගලහිටියාවේ සිරිරතන හිමියන් මාධ්‍යයට පැවසීමත් සමගයි.

වැඩිදුරටත් අදහස් දක්වන උන්වහන්සේ පවසා සිටියේ " මේ ගල්ගමුව ප්‍රදේශය අවට වන අලි පනහකටත් වැඩි කණ්ඩායමක් සිටිනවා. ඒ අතරින් සියඹලන්ගමුවේ ඇත් රාජා සහ දළ පුට්ටුවා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටි සද්න්තයන් දෙදෙනෙක්. මීට කලකට ඉහත සියඹලන්ගමුවේ ඇත් රජු නිර්වින්දනය කොට මාඳුරු ඔය ජාතික වන උද්‍යානය වෙත ගෙන යමින් සිටියදී අතරමගදී අකල් මරණයට පත් වූණා. ඒ නිලධාරීන්ගේ නොසැලකිලිමත් කමින්.

එයින් ප්‍රදේශවාසින් තුළ ලොකු කම්පනයක් ඇති වුණා. මේ දළ පුට්ටුවාගේ ඇත් දළ යුගල සමඟ පොල්පිතිගමදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් ඉන්පසු එම හස්තියාගේ මළ සිරුරේ කොටස් කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතයේ තිබී සොයා ගැනීමත් සමඟ ප්‍රදේශ වාසින්ගේ කම්පාව සංවේගය තවත් තිවූර්ත තිබෙනවා.

No comments:

Post a Comment