Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, December 5, 2017

ඉන්දියාව ලබා දුන් විස වායූ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කළ සුරංග ලක්මාල් වමනය දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය මේ වනවිට නව දිල්ලියේ ෆේරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩා පිටියේ පැවැත්වෙමින් තිබෙ‍නවා. තරගයේ සිවුවෙනි දිනය වූ අද දිනයේ (5) සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව මේ වනවිට පිතිකරණයේ යෙදෙමින් සිටිනවා. මේ අතර පළමු දිනයේ මෙන්ම ශ්‍රී ලංකා පන්දු රකින්නන් අද දිනයේත් පන්දු රැකීමට පැමිණියේ මුඛ වාඩම් පැළද ගෙනයි. ඉන්දියාවේ නව දිල්ලිය අතිශය සෞඛ්‍ය අනාරක්ෂිත වායූ තත්වයකින් හෙබි නගරයක් වන අතර , ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ ප්‍රථම දිනයේ සිටම ස්වසන ආබාධ වලට ලක් වූවා.

තවද අහිතකර වායූ තත්ව අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ට දිනයේ මුල් භාගයේ යැවිය හැකි වූයේ පන්දු වාර තුනක් පමණයි, සුරංග ලක්මාල්ට වමණය තත්වයක් ඇතිවූ අතර ඉන්පසු ඔහු පිටි‍යෙන් ඉවත් වූවා. ඒ ඉන්දීය කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස මුරලි වීජේද ක්‍රීඩා පිටියෙන් ඉවත් කරවමින්.

කෙසේ වෙතත් මෙවැනි අහිතකර තත්වයකින් යුත් ක්‍රීඩා පිටියක ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඉන්දීය පාලක මණ්ඩලය තීරණය කළ හේතූව පැහැදිලි නැහැ.

No comments:

Post a Comment