Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, December 9, 2017

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිසා නව දිල්ලිය තහනම් වන ලකුණු

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය පැවැත්වුනේ ඉන්දියාවේ නව දිල්ලියේ ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩා පිටියේදීය. වායු දූෂණය අධිකම, ලොව අයහපත්ම වායු ගෝලයකින් සමන්විත නව දිල්ලි නගරයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අසනීප වූ අතර එම නිසාම ඔවුන් මුඛ වාඩම් පැළද ක්‍රීඩා කළා. කෙසේ වෙතත් මේ පිළිබදව අමනාපව සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විවේචනය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට්‌ හී වත්මන් වැඩ බලන සභාපති සී.කේ. ඛන්නා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලින් කරුණු විමසීමට සැරසී සිටින බවත් පවසනවා

'මම පුදුම වුණා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කලබල වීම ගැන. මොකද ඉන්දියානු කණ්‌ඩායමට ගැටලුවක්‌ වුණේ නැහැ. තරගය නරඹන්න ආපු ප්‍රෙක්‍ෂකයන් 20,000 ක්‌ විතර එතන හිටියා. නමුත් ඔවුන්ටත් ප්‍රශ්නයක්‌ නැහැ. මම මේ ගැන අපේ ලේකම් සමග කතා කරලා ශ්‍රී ලංකාවට ලිපියක්‌ යොමු කරන්න කිව්වා.' යෑයි ඉන්දියානු වැඩබලන සභාපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එලෙස ප්‍රතිචාර දක්වද්දි දිල්ලියේ අධික වායු දූෂණය යටතේ ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පැවැත්වීම දරුණු ගැටලුවක් බව ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කරයි. ඉදිරියේදී ක්‍රිකට් තරග පැවැත්වීමේදී දූෂණය ගැනද අවධානය යොමුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. එසේම වායු දූෂණය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැක්වීමට බලපෑමක් ඇති කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

“ වර්ෂාව හා අයහපත් ආලෝකය ක්‍රීඩා කිරීමේදී අවධානයට ගන්නවා නම් අපි හිතනවා පරිසර දූෂණය වැනි තත්ත්වයන්ද සළකා බැලිය යුතු බවට ඉහළ වායු දූෂණයක් යටතේ දිල්ලි තරගය පැවැත්වීම විශාල ගැටලුවක්. වායු දූෂණය ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවම කරනවා. මිලිතත්ත්පර හා මිලිමීටර් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මනින සාධක. ” යැයි ඔවුන් සදහන් කර තිබුණා. දිල්ලි වායු දූෂණය යටතේ ක්‍රීඩා කිරිම අවධානම් බව වෛද්‍ය සංගමය මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණ බවත් හෙළිව තිබෙනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රතිචාරය කෙසේ වූවත් දිල්ලි ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා. නව දිල්ලි ක්‍රීඩාංගණයේ වායුගෝලයේ තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමු කරනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. ඒ සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල‍ය විශේෂ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත‍යි.

No comments:

Post a Comment