Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, December 12, 2017

සිසුන් ප්‍රාණ ඇපයට තියාගෙන දුම්රිය සේවකයෝ වර්ජනයේ..

පසුගිය හය වෙනිදා ආරම්භ කල දුම්රිය සේවක වැඩ වර්ජනය තව දුරටත් අඛණ්ඩව පැවැත්ත්වෙනවා. මේ හේතුවෙන් ගතවූ දින කිහිපය තුලම මගීන් බොහෝ සේ අපහසුතාවයට පත්වුනා සේම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අධික මාර්ග තදබදයක්ද ඇතිවුනා.

දුම්රිය සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා රජයේ පාර්ශව අතර පසුගිය දින කිහිපය තුල කරන ලද සියළු සාකච්ඡා අසාර්ථක වී තිබම නිසා මෙලෙස දුම්රිය සේවක‍යින්ගේ වැඩවර්ජනය තවදුරටත් පැවැත්වෙන්නේ අදින් (12) ආරම්භවුනු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් ප්‍රාණ ඇපයට තබාගෙන බවයි ජනතාව චෝදනා කරන්නේ.

එසේම මෙරට විභාග ඉතිහාසයේ දුම්රිය වර්ජනයක් හේතුවෙන් සිසු සිසුවියන්ට බරපතළ බලපෑම් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා. මේ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට සිදුවන අපහසුතාවය සලකා බලා සේවයට වාර්තා කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයෙන් ඉල්ලීමක් කර තිබුනද එහි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුනේ මෙහි වගකීම රජය භාරගත යුතු බවයි.

කෙසේ වෙතත් සාමාන්‍යෙපළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් පිළිබඳ සළකා බලා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් දෛනිකව ධාවනය කරන 5700ක් පමණ වූ බස් රථ සංඛ්‍යාවට අමතරව තවත් බස්රථ 1000ක් විශේෂ සේවා සඳහා ධාවනයට යොදා ඇති බවත්, තවත් අමතර බස් රථ 750ක් සහ සුඛෝපභෝගි බස්රථ 60ක් දුරගමන් සේවා සඳහා යොදවා තිබෙනව බවත් සඳහන් වෙනවා.

No comments:

Post a Comment