Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, December 5, 2017

වැඩියෙන්ම වැඩ කළේ අපේ ආණ්ඩුව

වෙහෙර විහාරස්ථානවල දියුණුව වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටු කර ඇත්තේ වත්මන් ආණ්ඩුව බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාලකයින්ගේ යුතුකමක් සහ වගකීමක් වන බුදු දහම ආරක්ෂා කර ගැනීම යහපාලන ආණ්ඩුව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි.

සසුනෝදය වැඩසටහන යටතේ වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා ආධාර ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(04) පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කළේ රට තුළ සාමකාමී තත්ත්වයක් පවත්වාගෙනයාම සඳහා භික්ෂූන් වහන්සේට වැඩි වගකීමක් පවතින බවයි.

No comments:

Post a Comment