Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 11, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි ඒකාබද්ධයෙන් ඉවත් වීමට හේතුව කියයි

තමා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීමට හේතු කිහිපයක් දිගින් දිගටම බලපෑ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම පවසනවා.

ඇය කියා සිටියේ තවදුරටත් ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවයි.

ඒ අනුව මන්ත‍්‍රීවරිය ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙසේ අදහස් පළ කළා.

එහිදී "දිස්ත්‍රික්කයේ මට දේශපාලනය කරන්න දෙන්නේ නැති ගැටලුවක් තියෙනවා..ඒක විසඳලා දුන්නෙත් නෑ කවුරුවත්. අවුරුදු එකහමාරක් පමණ ඒ කාරණා විසඳා ගන්න බැරුව ගොඩක් අපහසුතාවයන්ට පත් වුණා. මෙවැනි ගැටලු තමයි තිබුණේ...නැතුව ඉතින් වෙන ප්‍රශ්නයක් නැහැ." යනුවෙන් පැවසුවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත වැඩි දුරටත් වාර්තා වුණේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් මතු වූ ගැටලූවක් ඇයගේ ඉවත් වීමට හේතු වී ඇති බවයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තමාගේ අපේක්ෂකයින් පස් දෙනෙකුට නාම යෝජනා ලබා දෙන ලෙසටයි මන්ත‍්‍රීවරිය ඉල්ලා ඇත්තේ. එහෙත් විමලවීර දිසානායක මන්ත‍්‍රීවරයා ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. ඇයට ලබා දී ඇත්තේ එක් අපේක්ෂකයෙකුගේ අවස්ථාවක් පමණක් බවද වැඩිදුරටත් වාර්තා වුණා.

කෙසේ වෙතත් තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් අඛණ්ඩව ඉටු කරන බව මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත සඳහන් කළා.

"මම මහින්ද මහත්තයා වෙනුවෙන් සටනේ හිටිය කෙනෙක්. පළවෙනි කාන්තාව මමයි ඒ සටනේ හිටිය. කොතනක හිටියත් රට වෙනුවෙන් කෙරෙන්න ඕන මගේ යුතුකම ඉටු කරනවා." යනුවෙන්ද මන්ත්‍රිවරිය සඳහන් කළා.

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රියාණි විජේවික‍්‍රම පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඇය ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිවරයා මුණගැසී සහය දැක්වීම සඳහා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

No comments:

Post a Comment