Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 31, 2017

"සුපිරි ධනවතුන්ට පමණයි" පිට පිට ගෙන්වූ තෙවන සුපිරි ෆෙරාරී රථයත් ශ්‍රී ලංකාවට - හේතුව සුපිරි කාර් වලට ලැබුණු බදු සහනලු .!

පසුගියදා ශ්‍රී ලංකාවට ගුවනින් ගෙනා ෆෙරාරි මෝටර් රියක් පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ලොව ප්‍රමුඛතම සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකාවට මෙතෙක් නුහුරු වී තිබු අතර , එයට හේතුවී තිබුනේ සුපිරි මෝටර් රථ වලට පැනවුනු තීරූ බදුයි.

කෙසේ වෙතත් දින කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවට ගෙන්වූ තෙවන සුපිරි ෆෙරාරී මෝටර් රථය පසුගිය 29 වෙනිදා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා. පෞද්ගලික මෝටර් රථ ආනයන සමාගමක් මගින් ගෙන්වා තිබෙන මෙම සුපිරි මෝටර් රථය ෆෙරාරී 488 වර්ගයට අයත් වෙනවා.

ෆෙරාරි වර්ගයේ මෝටර් රථ ලොව භාවිත කරන්නේ ධනවතුන් අතුරිනුත් ධනවතුන් පමණි. කිම් කාර්ඩෂියන් පැරිස් හිල්ටන්, ජස්ටින් බීබර්, ඩේවිඩ් බෙකම්, ආර්නෝල්ඩ් ස්වාසනෙගර්, නිකලස් කේජ් වැනි කෝටිපති තරු ෆෙරාරි භාවිත කරන අය අතර වෙති.

සදහන් වන ආකාරයට ශ්‍රී ලංකාවෙ පැරිස් ෆෙරාරි රථ 3ක් භාවිත වේ. ඉන් එකකක් හිමිකරු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අරවින්ද ද සිල්වායි. සෙසු රථ නයිජල් ඔස්ටින් සහ සිදත් ප්‍රනාන්දු යන ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවේ.

පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එන ලද මෝටර් රිය මීගමුව ප්‍රදේශයේ හෝටල් දාමයක හිමිකරු විසින් තම පුත්‍රයා වෙනුවෙන් ගෙන්වන ලද එකක් බව සඳහන් වන අතර මෙම ෆෙරාරී 488 මෝටර් රථය ගෙන්වා තිබෙන්නේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු විසින් බව රාවයක් පැතිර යමින් තිබෙනවා.

එන්ජින් ධාරිතාව මත වාහන සඳහා බදු අය කිරීමට රජය විසින් ගන්නා ලද තීරණය මත අධි මිලැති වාහන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුවීම මත ඉදිරියේදී මෙවැනි වාහන වැඩි වශයෙන් මෙරටට පැමිණිය හැකි අතර මේ වන විට තවත් ෆෙරාරි රථ 3ක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමට කටයුතු යොදා ඇති බව මේ පිළිබදව වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය සදහන් කරනවා.

එම සුපිරි මෝටර් රථයේ ඡායාරූප පහතින්

No comments:

Post a Comment