Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 4, 2017

හෙට සහ අනිද්දා අධික වැසි

ඉදිරි දිනවල ඇතිවිය හැකි ආපදා සම්බන්ධයෙන් මාධ්‍ය හරහා නිකුත් කරන නිවේදන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

හෙට සහ අනිද්දා යන දිනවල දිවයින පුරා අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි බව එම මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් නායයාම් අවදානම් පිළිබඳ නිවේදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අදාල උපදෙස් අනුව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment