Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, December 1, 2017

හීයක වේගයෙන් ආ යතුරුපැදිකරු ලංගමේට දිවි දෙයි


තලවාකැලේ සිට පුඩළුඔය දක්වා ධාවනය වු ලංගම බස්රථයකට උඩුපුස්සැල්ලාවේ සිට තලවාකැලේ දෙසට ධාවනය වු යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේම ජිවිතක්‍ෂයට පත්වි ඇති බව තලවාකැලේ පොලිසිය පවසයි.

අද (01) උදෑසන 9.30ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ තලවාකැලේ පුඩළුඔය ප‍්‍රධාන මාර්ගයේ වටගොඩ තේ කර්මාන්ත ශාලාව අසලදීය.

අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරු පැදිය පවතින අයහපත් කාලගුණයත් සමඟම ලිස්සා ගොස් බස් රථයේ ගැටිමෙන් යතුරු පැදිය ඉවතට විසිවි යතුරු පැදිකරු බස් රථයේ පිටුපස රෝදයට යටවිමෙන් ඔහු ජිවික්‍ෂයට පත්වි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන තලවාකැලේ පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව නව කඩදොර පදිංචි බුද්ධික චමිත් හෙටිටිආරචිචි (36) යන අයෙක් බව වාර්තා වේ.

මියගිය අයගේ සිරුර ලිදුල රෝහල වෙත යවා ඇති අතර ලංගම බස් රථයේ රියදුරු තලවාකැලේ පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment