Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, December 5, 2017

ඡන්දේ දීමේ එකම පදනම හවුල් ආණ්ඩුවට විරෝධය පල කිරීම

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීමේ එකම පදනම විය යුත්තේ එක්සත් ජාතික පක්ෂ හවුල් ආණ්ඩුවට විරෝධය පල කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැළියට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර රජය පවත්වාගෙන යාමේදී ඇති වන ප්‍රතිපත්තිමය ගැටුම රටේ සුභසිද්ධියට හේතු නොවූ බව ගත වූ වසර දෙකක කාලය තුළ පැහැදිලි වූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ වඩාත් ගැලපෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රතිපත්ති වන බවයි.

No comments:

Post a Comment