Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

පාසල් නිල ඇඳුම් වවුචර් පත් බෙදාදීම ඉදිරි සතියේ දී

පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති අතර මෙම වවුචර පත් ඉදිරි සතියේ දී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

හතළිස් දෙලක්ෂයකට ආසන්න පාසල් දරුවන් සඳහා මිලියන 2370 ක වටිනාකමකින් යුත් නිල ඇඳුම් වවුචර පත් ද, පිරිවෙන් සිසුන් සඳහා මිලියන 75 ක වටිනාමකින් යුත් වවුචරපත් ද මේ වනවිට නිකුත් කර අවසන්ව ඇත.

එම වවුචර පත් ඉදිරි සතියේ දී දරුවන් අතට පත් කිරීමට නියමිතව ඇත.

මෙම නිල ඇඳුම් වවුචරපත්වල මුළු වටිනාකම මිලියන 2445 කි.

No comments:

Post a Comment