Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

කාලගුණය ඩැහැගත් තවත් සිරුරක් ගොඩගසයි

අම්බලන්ගොඩ, බලපිටිය රෝහල අසළ මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී එම මළ සිරුර සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේය.

මළ සිරුර පසුගිය 29 වන දින දොඩංදූව ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා ගිය පුද්ගලයෙකුගේ බවට පොලීසිය සිදු කළ මූලීක විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ දෙඩංදූව දෙල්ගස්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙකි.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment