Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, December 13, 2017

‘‘ඉවසන්න තව එකක් තියෙනවනේ‘‘ අද මැච් එක ඉවරවුනේ මෙහෙමයි..!!

ශ්‍රී ලංකාව සහ ඉන්දියා සමග මොහාලිහිදී පැවති දෙවන එක්දින තරගය අවසන් වූයේ ඉන්දියාවට ලකුණු 141 ක ජයක් ලබා දෙමින්.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 ක් පමණක් බිඳවැටී ලකුණු 392 ක් හිමි කරගත්තා. කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා නොදැවී ලකුණු 208 ක් ලබා ගැනීම කණ්ඩායමේ ජයග්‍රහනයට විශාල රුකුලක් වුනා.

පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 251 ක් හිමිකර ගත්තා.

නොදැවී ලකුණු 111 ක් හිමිකරගත් ඇන්ජෙලෝ මැතිව්ස් තම දෙවන එක්දින ශතකයද වාර්තා කලා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය ලබන ඉරිදා (17) විශාඛාපට්නම්හිදී පැවැත්වීමට නියමිත තිබෙනවා.

No comments:

Post a Comment