Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 31, 2017

නිවසේ කවුරුත් නැති වෙලාවේ කාටූන් වීරයෙක් වෙන්න ගිය පුතුට අත්වූ අවාසනාවන්ත ඉරණම.

කාටුන් නැරඹීම තුලින් දරුවන්ට ඇතිවිය හැකි බලපෑම් නිරන්තරයෙන්ම මාධ්‍ය මගින් දෙමාපියන්ව දැනුවත් කරනවා. ඒ කෙසේ වෙතත් පුංචි දූ පුතුන් කාටූන් නැරඹීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. එසේම එවැනි කාටූන් අනුකරණය කරමින් තමන්ද කාටූන් චරිතවල වීරයන් වන්නට උත්සාහ කරන අවස්ථා තිබෙනවා.

ඊයේ (30) දහවල් කාලයේදීද කාටුන් චරිතයක වීරයෙකු වන්නට යාම නිසා පදවිශ්‍රීපුර ජයන්තිවැව ප්‍රදේශයේ අවුරුදු නවයක දරුවෙකුට ජීවිතයෙන් සමුගන්නට සිදුවුනා. නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක තම මවගේ ඇඳුම්ව ඇඳ නිවස අසල තිබූ කුඩා කෝන් ගසක අත්තක ලණුවක් ගැටගසා එහි එල්ලී පැනීමට උත්සාහ කිරීමේදී ලණුව බෙල්ලේ පැහිටලීගොස් මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබෙනවා.

ත්‍රි/පදවි ශ්‍රීපුර ජයන්තිවැව විද්‍යාලයේ ඉගනුම ලැබූ දේවින්ද මධුෂාන් නැමැති මෙම දරුවා 2018 වසරේ 5 ශ්‍රේණියට සමත් වූ දරුවෙකු බවද වාර්තා වෙනවා.

ඊයේ (30) සවස මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂක එන්.ඩබ්ලිව් බංදුසිරි විසින් සිදුකර ඇති අතර අද (31) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අනුරාධපුර අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී එච්.ඒ කරුණාරත්න විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුනා. එහිදී මෙය ගෙලවැලලාගෙන මියයාමේ මරණයක් බවට නිගමනය වී තිබෙනවා.

No comments:

Post a Comment