Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, December 3, 2017

දරුවාගේ සතුට වෙනුවෙන් මුළු සේසතම අහිමි කරගත් පියෙකුට අත්වූ සංවේදී ඉරණම.

‘‘ පියා බෝඩ්ම් ගාස්තු ලබා ගත් පුද්ගලයා දැන් පියාගෙන් බෝඩිම් ගාස්තු ගන්නවා‘‘

දරුවන්ට දෙමාපියන් දක්වන්නේ අපරිමිත වූ ආදරයක්. ඒ ආදරය නිසාම දෙමාපියන් දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වෙන පුතෙකුටත් මේ විදියටම තම පියාගේ අපරිමිත සෙනෙහස හිමි වුනත් තමන්ගෙ මවගේ සෙනෙහසනම් ලබන්න වාසනාව හිමි වුනේ නැහැ. මොකද ඔහුගේ මව කුඩා කාලයේම ඔවුන්ව අතහැර දමා ගොස් තිබුනා.නමුත් ඒ ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගත් පුතෙකු නිසා අවසානයේ තම පියාගේ සියළු සේසතම අහිමි කර ගෙන තිබෙනවා.

කුඩා කලදීම මව ඔහු හැර ගිය පසු පියා විසින් තනිවම මෙම දරුවා උස් මහත් කලේ පෞද්ගලික අංශයේ වැදගත් රාජකාරියක නිරතවෙන අතරතුරේ. දිනෙන් දින උස් මහත් වූ මොහු තරණ වියට එළඹුනේ මත් රකුසාගේ ආභාෂයත් ලබමින්.

පසුගිය දිනක සියඹලාපේ හන්දියට බියගම පොලීසියේ නිළධාරීන් පිරිසක් පැමිණ කළ සෝදිසියකදී හෙරොයින් මිලිග්‍රෑම් 550ක් සමඟ මෙම තරුණයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තම පුතුට තිබූ අසීමිත ප්‍රේමය නිසාම ඉල්ලන ඕනෑම අවස්ථාවක තම බැංකු කාඩ් පත පුතාට ලබා දීමටද මේ පියා කටයුතු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙනුවෙන් අධික ලෙස වියදම් කරන පුතා නිසා මෙම පියාට නවාතැන් පොළක් ලෙස පවත්වා ගෙන ගිය ගම්මානයේ දෙමහල් නිවෙසද මුළු ඉඩම සමඟම රුපියල් ලක්ෂ තිහකට විකුණා දැමීමට පියාට සිදුව තිබෙනවා. එම මුදලින්ද මේ වන විට ඉතිරිව ඇත්තේ රුපියල් 87,000 ක් බව පියා ප්‍රකාශ කර තිබුානා.


"මං පුතාට ආදරෙයි. පුතා ඉල්ලන ඕනෑම දෙයක් මම පුතාට දෙනවා" යනුවෙන් මෙම පියා පොලීසියට විස්තර පැවසීම ආරම්භ කලේ දිනකට හෙරොයින් පානය කිරීම සඳහා රුපියල් 5000ක් වැය වන බවද ප්‍රකාශ කරමින්.මෙම පියා විසින් බෝඩිමක් ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුම මිලදී ගෙන ඇති අතර මේ වන විට මෙම පියා සහ පුතා එම බෝඩිමේම නවාතැන් ගෙන සිටින්නේ බෝඩිම මිලදී ගත් පුද්ගලයාට මුදල් ගෙවමින්.

කෙසේ වෙතත් මෙම පියා දැන් වයෝවෘද තත්වයේ පසුවන අතර පවතින ප්‍රශ්න හමුවේ ඔහුද මත්ද්‍රව්‍ය පානයට යොමුව ඇති බව වාර්තා වෙනවා.


No comments:

Post a Comment