Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, December 2, 2017

පාතාල කල්ලියක් එක්ක එකතු වෙලා , තවත් පාතාලයෙකුට ගේම දීපු රූපලාවන්‍ය ශිල්පිණිය මරා දාලා

"අඬයි කියලා හිතෙන කී දෙනෙක් නම් සතුටුවෙයිද මම මැරුණු දවසට"

පාතාල කල්ලි දෙකක් අතර ගැටුමකට මැදිහත් වී , පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි රූපලාවන්‍ය ශිල්පිණියක් නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු මවක්.

මියගිය කාන්තාව විසින් අතුරුගිරිය මංසන්ධියේ පවත්වාගෙන ගිය රූපලාවනය ආයතනයක් තුළ පසුගිය ජනවාරි 17 දින සවස කිසියම් රූපලාවන්‍ය කටයුත්තක් කර ගැනීමට පැමිණි සිටි පාතාලයට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගලයෙක් වෙඩි තබා මරා දැමුණා. අදාළ ඝාතනයට අනුබල දුන්නා යැයි චෝදනාව මත මියගිය කාන්තාව සිරගතවද සිට තිබේ.

පසුව ඇප මත නිදහස්ව පැමිණි ඇය දිවි ගෙව්වේ මරණ භීතියෙන් බව සදහන්. මරණ තර්ජන එල්ල වූ නිසා ඇය නොයෙක් ස්ථානයන්හී සැඟවී සිට ඇති අතර මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ දින කඩුවෙල මහේස්ත්‍රාත් හමුවේ විභාග වෙමින් තිබූ මුදල් ආරවුල් සම්බන්ධ නඩු දෙකක් සදහා ඈ පැමිණ තිබෙනවා.

එම නඩු දෙකෙන්ම නිදහස් වූ ඇය නඩු අවසාන වී තම දරුවන් සහ සැමියා සිටි කොට්ටාවේ නිවසට පැමිණ රාත්‍රිය ගත කරන අවස්ථාවේ රාත්‍රී 8.40ට පමණ යතුරු පැදියකින් පැමිණ සම්පූර්ණයෙන්ම මුහුණු සහ සිරුරු ආවරණය කරගත් දෙදෙනෙක් විසින් මෙලෙස වෙඩි තබා ඇයව ඝාතනය කර තිබෙනවා.

වෙඩි තබන අවස්ථාවේ මියගිය කාන්තාව දිවගොස් තම නැන්දම්මාගේ සිරුරේ එල්ලී ඇති අතර එහිදී තැබූ වෙඩිල්ලක් වැදී ඇය බිම පතිත වී ඇති අතර වෙඩි ප්‍රහාර 14ක් පමණ තබා ඇති බවත් පොලීසිය පවසනවා.

මියයාමට පෙර සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරන මංජුලා සඳුනි අබේරන්ත මියගිය කාන්තාව පවසා තිබුනේ " අඬයි කියලා හිතෙන කී දෙනෙක් නම් සතුටුවෙයිද මම මැරුණු දවසට" යනුවෙනි.

No comments:

Post a Comment