Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, December 11, 2017

ගෙල වැළලාගෙන 20 හැවිරිදි තරුණිය මරුට-ඝාතනයක් දැයි සැකයක්

වවුනියාව නෙඩුන්කේන් පලම්පාසි ප‍්‍රදේශයේ නිවසක ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්වු තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව ඔඞ්ඩුසුඩාන් පොලිසිය පවසයි.

ඔඞ්ඩුසුඩාන් පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත යෝගරාසා කම්සිගා නමැති 20 හැවිරිදි තරුණියකගේ මළ සිරුර ඊයේ එලෙස සොයාගත් බවයි.

අදාළ තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලිිසිය පැවසීය.

ප‍්‍රදේශවාසීන් පැවසූවේ අදාළ තරුණියගේ මරණය සියදිවි නසා ගැනීමක්ද ? නැතහොත් ඝාතනයක්ද? යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

පොලිසිය පැවසූවේ අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.

No comments:

Post a Comment