Breaking News

ලක්ෂ 20 ක දෑවැද්ද නොදුන්නාට සැමියා බිරිඳට අපූරු දඬුවමක් දීලා.

විවාහ වෙන්න දෙන්නෙක් අතර තියෙන්න ඕන ප්‍රධානම දේ තමයි දෙදෙනාගේ ආදරය සහ අනනෝන්‍ය බැඳියාව. මේ දේවල් වගේම සමහර අයනම් විවාහ වෙද්දි දෑවැද්දත් බලාපොරොත්තු වෙනවා. මේ විදියට රුපියල් ලක්ෂ 20 දෑවැද්දක් ලබා දෙන බවට පොරොන්දු වී මරදාන ප්‍රදේශය 24 හැවිරිදි රූමත් තරුණියක් පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වී තිබුනා. ඒ දෙමාපියන්ගේද ආශිර්වාදය මැද.

කෙසේ වෙතත් විවාහ වී දින කිහිපයක් ගතවුවද තමන් දෑවැද්ද ලෙස බලාපොරොත්තූ වූ රුපියල් ලක්ෂ 20 ක මුදල නොලැබීම නිසා නිරන්තරයෙන්ම සිය බිරිඳගෙන් එම මුදල ඉල්ලා ඇවටිලි කරන්නට වුනා. මේ ප්‍රශ්නය අවසානයේ අඬ දබර ඇති වීම දක්වාම දුරදිග ගියේ පවුලේ සමගිය සාමය බිඳ දමමින්.

දිගින් දිගටම මෙම මුදල ඉල්ලා තම බිරිඳට කරදර කලද, තමන් බලාපොරොත්තු වූ මුදල නොලැබීම නිසා මුළුතැන් ගෙයි තිබූ පිහිය ගෙන බිරිඳගේ දිගු කෙස් කළඹ කපා එයද රැගෙන පලාගොස් තිබුනා. පසුව මේ පිළිබඳව අදාල බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර තිබුනා. ඒ අනුව මරදාන පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

No comments