Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, December 20, 2017

මාව කෝලි එක්ක සසඳන්න එපා...ඔහු අංක 01..- කෝලි වගේ ගහන පාකිස්ථානු නැගී එන තරුව කියන කතාව

විරාත් කෝලි යනු දැනට ලොව සිටින හොඳම පිතිකරුවා බවත්,තමා කෝලි සමග සැසඳීම එකඟ විය නොහැකි කරුණක් බවත් නැගී එන පාකිස්ථානු පිතිකරු බාබර් අසාම් පවසයි.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් අසාම් මේ බව පැවසීය.

‘‘ඔහු මාව සැසඳුවේ ක්‍රිකට් පිටියේ ඉන්න සුපිරි ක්‍රීඩකයෙක් එක්ක.ඇත්තෙන්ම ඒක නොවිය යුතු දෙයක්.ඒත් ඒ ඔහු හිතන විදිය.සමහර විට මුල් කාලේ අපේ පිතිකරණය සමාන වුණත් ඔහු ලොකේ අංක එකේ ක්‍රීඩකයා.පාකිස්ථානය වෙනුවෙන් ඔහු මෙන්ම ක්‍රීඩා කිරිමයි මගෙත් අරමුණ‘‘ යැයි අසාම් පවසයි.

පාකිස්ථානු පුහුණුකරු මිකී ආතර් පසුගිය වසරේදී, අසාම් කෝලිට සමකරමින් අදහස් දක්වා තිබුණි.එහිදී ඔහු පවසා තිබුණේ 23 හැවිරිදි බාබර් අසාම්ගේ පිතිකරණය කෝලිගේ පිතිකරණයට බෙහෙවින් සමාන බවකි.

‘‘මුල් කාලේ මම ඒබි ඩිවිලයර්ස් ක්‍රීඩා කරනවා බලන්න කැමතියි.මම ඔහුව අනුගමනය කරන්න පුරුදු වෙලා හිටියා.ඒ විතරක් නෙමෙයි ඔහුගේ පහරවල් ගහන්නත් මම උත්සහා කළා.නමුත් දැන් මං ඒ පහරවල් වලට යන්නේ නෑ.දැන් මං මගේ විදියට ක්‍රීඩා කරනවා.මේ දවස් වල මම කැමති කෝලි ඒ වගේම හෂීම් අම්ලා වැනි ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා බලන්න...‘‘

මේ වන විට එක්දින තරඟ 36කට ක්‍රීඩා කර ඇති බාබර් අසාම් ලකුණු 1758 රැස් කරගෙන තිබෙන්නේ සාමාන්‍යය 58.60ක් ලෙස රඳවා ගෙනය..එම ලකුණු ගොන්නට ශතක 7ක් සහ අර්ධ ශතක 7ක්ද ඇතුළත්ය.

No comments:

Post a Comment