Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රි ලංකාව දරුණු සුළි කුණාටුවක්-මේ වන විට කොළඹින් කි.මී 300ක් ඇතින්


ශ්‍රී ලංකාවට බටහිරින් පිහිටි අරාබි මුහුදේ පිහිටි ගැඹුරු අවපාතය මේ වන විට කොළඹින් කිලෝමීටර 300 ක් පමණ දුරින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් බවට එය වර්ධනය වීමට ඉඩ ඇති අතර බටහිර-වයඹ දෙසට ගමන් කරන බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව විශේෂයෙන් නිරිත දෙසින් හමා යන වැසි සහ සුළං තත්ත්වයන් (60-70 kmph) වේගයකින් දිවයින පුරා අපේක්ෂා කෙරෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අනුව දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල අධික වර්ෂාපතනයක් (මීටර 100-150 පමණ) අපේක්ෂා කළ හැකි බව ද වාර්තා වෙයි.

එය මුහුදු ප්‍රදේශ සඳහා,

බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දී ඉතා දැඩි වර්ෂාව, ඉතා තද සුළං හා ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකි බව ද වාර්තා වෙයි.

සමහර අවස්ථාවල සුළඟේ වේගය 90-100 kmph දක්වා වැඩි විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සෙසු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50-60ක් දක්වා ඉහළ යා හැකි බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment