Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, November 29, 2017

‘‘තාම මිනිස්සු අඬනවා, කෑ ගහනවා. මේවා රටේ සම්පත් - වලානෙන් ආවෙ නැත්තන් මේ ගැන දන්නෙත් නෑ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න හමුවේ වනජීවී අධ්‍යක්ෂකට කටඋත්තර නැතිවෙයි. (VIDEO)

පසුගිය දින කිහිපය පුරාවටම අපේ රටේ ප්‍රධානතම මාතෘකාවක් වී තිබුනේ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය පිළිබඳවයි. වයස අවුරුදු 44 ක් වෙන මෙම සන්ධන්තයාගේ දළ දෙක පිහිටා තිබුණු ආකාරය දළ දෙක පිහිටා තිබුණු ආකාරය නිසාම ඔහුට දළ පූට්ටුවා යන නාමයද පට බැඳී තිබුනා.

වනජීවී නිලධාරීන් විසින් දළ පූට්ටුවා සොයා දින 3 ක මෙහෙයුමක් සිදුකලද කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව තිබුණා. එහෙත් පසුගිය 24 වන දා පොල්පිතිගම නිකවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගලය සහ ගජමුතු කිහිපයය දළ පූට්ටුවාගේ බවට තහවුරු කරගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ සිද්දිය සම්බන්ධයෙක් පරිසර සංවිධාන කිහිපයක්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන වන ජීවී අධ්‍යක්ෂ මංජුල අමරරත්න සමඟ විශේෂ සාකච්චාවක්ද පැවැත්වුන්. ඒ අතරතුර දෙපාර්ශවය අතරතුර උණුසුම් තත්වයක් ඇතිවුනා.

එම සාකච්චාවේ වීඩියෝව පහතින්.

No comments:

Post a Comment