Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

මවගේ තුරුලේ උණුසුම ලබමින් නොසිතූ මොහොතක මරු හා ගිය පුංචි අස්මිගේ දුක්බර කතාව

මාස 5 ක් වයසැති පුංචි සිඟිති දියණියක් මව් තුරුලේදීම මියගිය පුවතක් මිනුවන්ගොඩ වෑලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස මව් තුරුලේදීම මියගොස් ඇත්තේ පිලිපැන්නගේ අස්මි දෙව් රංගනි නමැති සිඟිති දැරියයි.

රාත්‍රියේ නින්දට ගිය අස්මි පුංචි දැරිය පෙරේදා (27) අලුයම 2 පමණත් මවගෙන් කිරි බී නිදාගෙන තිබෙන අතර මව උදේ අවදී බලන විට දැරිය නිසොල්මන්ව සිටි බවයි මව පවසා ඇත්තේ.

පසුව දැරිය ඉක්මනින් මිනුවන්ගොඩ රෝහල වෙත රැගෙන ගියත් දැරිය ඒ වනවිටත් මියගොස් තිබූ බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අභිරහස් ලෙස මියගිය පුංචි දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට රාගම රෝහල වෙත රැගෙන ගිය බවයි වාර්තා වුණේ.

No comments:

Post a Comment