Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, November 17, 2017

දෙදරු මවගේ බෙල්ල කපා පඩි පෙළක දාපු දවසේම දික්කාසාද සැමියාත් වස බීලා

නුවරඑළිය හාවා එළිය ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 වන පෙරියසාමි සියාමාලා නමැති කාන්තාවක් බව තහවුරු වී ඇත.

මෙම කාන්තාව සිය සැමියා වන ගනේෂන් සමග හාවා එළිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇත අතර සැමියා සමග නිතර අඬදබර කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඇගේ සැමියා රැකියාව සඳහා විදෙස්ගතව සිට මෑතකදී දිවයිනට පැමණ ඇති අතර සැමියාට රැකියාවක් නැති නිසා මෙසේ අඬදබර ඇති වී ඇත. කෙසේ වෙතත් මේ යුවල පසුව දික්කසාද වී ඇත.

දික්කාසාදයෙන් පසුව සිය සිව් හැවිරිදි හා නව හැවිරිදි දරුවන් දෙදෙනා සමග මෙම කාන්තාව ජීවත් වී ඇති අතර අද(17) බෙල්ලේ සහ අතේ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටියදී හාවා එළිය විදුලිබල මණ්ඩලය අසළ ඇති පියගැට පෙළක තිබී හමු වි ඇත.

මේ අතර මෙම කාන්තාවගේ දික්කසාද සැමියා වස පානය කර අද දහවල් නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියාව සැකකරන බව පොලිසිය පැවසූ අතර වැඩිදුර විමර්ශන පැවැත්වේ.


No comments:

Post a Comment