Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, November 17, 2017

මංගල සාදය අවමඟුලකින් අවසන් වී තිදරු මවකට අත් වූ ඛේදනීය ඉරණම

කුරුණෑගල, පොල්පිතිගම, බඹරගලයාය ප්‍රදේශයේ මංගල සාදයක් අතර සිදුවූ ආරවුලකදී පොලු පහරක් වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පී.ජේ. ප්‍රේමාවතී නමැති 53 හැවිරිදි තිදරු මවක්.

මංගල සාදය පසුගිය 15 වන දින, මියගිය කාන්තාවගේ නිවසේ පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

පවුලේ පිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ආරවුල සිදුව ඇති අතර එය සමතයකට පත් කිරීමට උත්සහ කළ අදාළ කාන්තාවට පොලු පහර වැදී තිබුණා.

බරපතල තුවාල ලැබූ ඇය පොල්පිතිගම දිසා රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු එම රෝහලටම ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර පිහි පහරකට ලක්වූ පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

තවත් එක් පුද්ගලයෙකු සුලු තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර ලබා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අනෙක් තිදෙනා බරපතල තත්වයේ පසුවන හෙයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


No comments:

Post a Comment