Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

කෙසෙල්ගමු ඔය පිටාර ගලයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්‍ෂීතයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලා තිබේ.

මේ හේතුවෙන් බගවන්තලාව බොගවානා වතුයායේ වතු නිවාස දහයක් ජලයෙන් යටවී ඇති අතර නොර්වුඩ් කි‍්‍රඩාංගණය සහ නොර්වුඩ් පොලිසිය ඉදිරිපිට නිවාස 25ක් පමණ ජලයෙන් යටවී ඇත.

ඉහළ කොත්මලේ ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර ඇති නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔයේ ජලය පරිහරණය කරන අයට විමසිල්ලෙන් සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවෝ කියති.

No comments:

Post a Comment