Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, November 17, 2017

පාකිස්තානය ශ්‍රී ලංකාව පරාජය කර ඇත්තේ හොර කරලා

පාකිස්තාන තුන් ඉරියවු ක්‍රීඩක මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීම නිතී විරෝධී බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය පරීක්ෂණයක් මගින් සනාත කර තිබෙනවා.

මොහොමඩ් හෆීස් පන්දු යවන විට ඔහුගේ අත නිත්‍යානූකූල අංශක 15 සීමාවට වැඩියෙන් නැමෙන බවත් ක්‍රිකට් කවුන්සිලය හෙළිකර ගෙන තිබෙන බව සදහන්.

පසුගිය ඔක්තෝබර් මසයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් අරාබි එමීර්හිදී පැවැති තෙවැනි එක්දින තරගය අතරතුරදී හෆීස්ගේ පන්දුයැවීම සැක සහිත බවට විනිසුරුවන් පැමිණිළි කළ අතර ඒ හේතුවෙන් ඔහුට නොවැම්බර් මස 1 වැනිදා එංගලන්තයේදී ස්වාධීන කමිටුවක් හමුවේ සිය පන්දු යැවීම පිළිබඳ පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවිය.

එම පරීක්ෂණයෙන් අසමත් වීම නිසා ඔහුගේ පන්දු යැවීම තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන ඇති අතර ඒ අනුව සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයට පෙනී සිටින තෙක් ඔහුට ජාත්‍යන්තර තරග වලදී පන්දු යැවීමට නොහැකි වනු ඇත.

පාකිස්තාන කණ්ඩායමේ සිටින ප්‍රබලතම පන්දු යවන්නෙක් වන මොහොමඩ් හෆීස්ට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මගින් පන්දු යැවීම තහනම් කළ තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2014 වසරේදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියක් අතරතුරද, 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියක් අතරතුරද ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වූ පසු හෆීස්ට පන්දු යෑවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය කටයුතු කළේය. ඒ අනුව ඔහුට ඉදිරි මාස 12 ක කාලයේදී පන්දු යෑවීමට නොහැකි වන අතර ඉන් පසුව යළිත් එම වරද සිදු කළහොත් මාස 24 ක්‌ දක්‌වා ඔහුගේ පන්දු යෑවීම තහනම් වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලිය පාකිස්තානය ජය ගෙන තිබෙන්නේ නිත්‍යානූකූල අයුරින් නොවන බවත් , එම තරගාවලියේ පාකිස්තානයේ හොදම පන්දු යවන්නා වූ මොහොමඩ් හෆීස් මෙලෙස පන්දුව දමාගසා ශ්‍රී ලංකා කඩුලු ලබා ගෙන තිබීම ලැජ්ජා සහගත බවටත් විචාරකයන් අදහස් දක්වා තිබුනා.

No comments:

Post a Comment