Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, November 7, 2017

" ගණන් සර් පොල්ලක් කැඩෙන තුරු ගැහුවා, ගහන්න එපා කියලා වඳිද්දිත් ගැහුවා " ගලේවෙල පාසල ගණන් සර්ගෙන් දරුවන්ට අමුතු ගණන් , පහර කෑ දරුවෙක් තවමත් රෝහලේ .!

දරුවෙකුට අමානුෂික ලෙස පහර දී , තුවාල සිදුකර පසුව එයට එරෙහිව ක්‍රියාමාර්ග ගතහොත් දරුවා පාසලෙන් ඉවත් කරන බවට තර්ජනය කරන උතුම් ගුරු වෘත්තියට නිගා කරනා ගුරුවරයෙක් පිළිබදව වාර්තා වනවා. ඒ ගලේවෙල ප්‍රදේශයෙන්.

ගලේවෙල අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් කලාවැව මාර්ගය ආසන්නයේ පිහිටි මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු විසින් මෙලෙස සිසුවෙකුට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර පහරකෑමට ලක්‌වූ නවවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවා තුවාල ලබා රෝහල් ගත කර සිටින බව සදහන්.

කිසියම් සිද්ධියකට අදාළව කේලමක්‌ කියූ බව පවසමින් පසුගිය 01 වැනිදා උදෑසන පාසල් මිදුල අතුගාමින් සිටියදී ගණිත ගුරුවරයා තමා ළඟට පැමිණ පොල්ලක්‌ කැඩෙනතුරු පහර දුන් බවත් පහර නොදෙන ලෙස ඉල්ලා වැඳ වැටුණු පසු යළි නැගිට්‌ටුවා කනට අතින් පහර දෙකක්‌ එල්ල කළ බවත් පහර කෑමට ලක්ව රෝහල් ගත කර සිටින සිසුවා පවසනවා.

එහිදී පාසල් ඇරී නිවෙසට ගිය පසු සිද්ධිය පිළිබඳව දෙමවුපියන්ට නොකී බවත් පසු දින පාසලට යැමට ඇඳෙන් නැගිටීමට නොහැකි අයුරින් දෙපා රිදීම හා කන් ඇසීම දුර්වලවීම නිසා දෙමවුපියන්ට පැවසූ බවත් ඒ අනුව ගලේවෙල පොලිසියට ගොස්‌ ප්‍රකාශයක්‌ ලබාදී රෝහල්ගත වුණු බව සිසුවා වැඩිදුරටත් කියා සිටිනවා.

මෙහිදි පහරකෑමට ලක්වූ දරුවාගේ පියාද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ දරුවාගේ පිටුපස කලවා ප්‍රදේශයට පහරදීම නිසා තුවාල සිදුවී ඇති බවත් . ප්‍රථමයෙන් ගලේවෙල රෝහලට ඇතුළත් කළ දරුවාගේ අසාධ්‍ය තත්වය නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරු කළ යැවූ බවයි.


පහරදීමට සම්බන්ධ ගුරුවරයා තවත් ගුරුවරයකු සමඟ තම නිවසට පැමිණ සමාදානයට කතා කළ බවත් තමා එය ප්‍රතික්‍ෂේප කළ බවත් පහරදීමෙන් අනතුරුව තම දරුවාව පාසලෙන් අස්‌වීමේ සහතිකය නිකුත් කරන බවට සිද්ධියට සම්බන්ධ ගුරුවරයා තර්ජනය කර ඇති බවත් පියා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

No comments:

Post a Comment