Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

එදාමෙදා තුර වඩාත් ඉහළින්ම ගමන් කළ බලගතුම මිසයිලය උතුරු කොරියාව සාර්ථකව අත්හදා බලයි

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ.

එය කිලෝමීටර් 4,500ක් ඉහළින් ගමන් කරමින් කිලෝමීටර් 960ක් දුර පියාසර කර සාගරයට පතිත වී ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

උතුරු කොරියාවේ පියොංසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහල බැලැස්ටික් මිසයිලය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් ජපන් රජය නිල වශයෙන් නිවේදනය කළේ, එය ජපාන ගොඩබිමට ඉහළින් ගමන් නොකල බවයි.

උතුරු කොරියාව විසින් සිදුකළ මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම ලෝක ව්‍යාප්ත තර්ජනයක් බව අමෙරිකානූ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියාව එදාමෙදා තුර වඩාත් ඉහළින්ම ගමන් කරන ලෙස දියත් කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය මෙය බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් මැටිස් තවදුරටත් අනාවරණය කරයි.මින් ඇමරිකාවට වුවද පහසුවෙන් පහර දිය හැකි බව පැවසෙයි

මේ අතර මිසයිලය ගුවන්ගතව පැවති කාල සීමාවේදී ම අමෙරිකානූ ජනපති ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වගබලා ගැනීමට තමා සූදානම් බව ය.

උතුරු කොරියාව අවසන් වරට බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීමක් සිදු කළේ, සැප්තැම්බර් මාසයේ ය.


No comments:

Post a Comment