Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

දළ ඇතාට වෙඩි තබා මරා දැමූ පාපතරයෙකුට පව් පටිසන් දෙයි (PHOTOS)

දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු (48) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

ඔහු සතුව තිබී බෝර 12 ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත. එම ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සඳහා සැකකරුට බලපත්‍රයක් තිබී ඇති බවද පොලීසිය පවසයි.

වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ මළ සිරුරක් පසුගිය 29 වැනිදා තබ්බෝව වැව් තාවුල්ලේ තිබියදී වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.

අඩි 2 ½ ක පමණ දළ යුගගක් මෙම ඇතාට හිමි බවත්,එම සතාගේ දකුණු පාදයකට වෙඩි වැදී තිබුණු බවත් වන ජීවී නිලධාරීන් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කරුවලගස්වැව පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.




No comments:

Post a Comment